දෙවැනි අළුබඳුන තරගය

 ඡායාරූපය:

දෙවැනි අළුබඳුන තරගය

 

ස්මිත්ගේ අනුප්‍රාප්තිකයා එංගලන්ත ජය වළකයි 

 

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ජයගැනීමට එංගලන්තය දැරූ ප්‍රයත්නය වළක්වාලීමට ඔස්ට්‍රේලියානු අතිරේක පිතිකරු මානුස් ලබුස්චාන් සමත් විය.

මෙතෙක් පැවැති ක්‍රිකට් නීති රීති වෙනස්කරමින් ටෙස්ට් තරගවලදී පිතිකරුවෙක් අබාධයකට ලක්වුවහොත් අතිරේක ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට අවස්ථාව ලබාදීමේ නව නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව එහි පළමු හිමිකාරයා වීමට ලබුස්චාන්ට හැකිවූයේ පළමු ඉනිමේදී ස්ටීව් ස්මිත්ගේ ගෙල ප්‍රදේශයේ පන්දුව වැදී ආබාධයකට ලක්වීම නිසාය. තමන්ට ලැබුණු එම අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ලබාගත් ලබුස්චාන් ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ ලකුණු 19කට කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි අතර ට්‍රේවිස් හේඩ් (නොදැවී 42) සමග සිව්වෙනි කඩුල්ල සඳහා ලකුණු 85ක් සිය කණ්ඩායමට එක් කළේය. කඩා වැටෙමින් තිබූ ඔස්ට්‍රේලියානු ඉනිම රැක ගැනීමට ලබුස්චාන් සමත් වූයේ තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු පිලට පහසු කරවමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 267ක්ලබාගැනීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිල තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා සිටියේය.

තරගයේ එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් බෙන් ස්ටොක්ස් නොදැවි ලකුණු 115ක් රැස් කළේ සිය 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමිනි. ස්ටොක්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

ලකුණු සාරාංශය

එංගලන්තය පළමු ඉනිම 258

(ජෝ බර්න්ස් 53, ජොනී බෙයාර්ස්ටොව් 52, ජෝෂ් හේසල්වුඩ් 3/58, පැට් කමින්ස් 3/61)

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 250

(ස්ටීව් ස්මිත් 92, උස්මාන් කවාජා 36, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/65, ක්‍රිස් වෝක්ස් 3/61)

එංගලන්තය දෙවැනි ඉනිම (කඩුලු 5ක් දැවී 258)

(බෙන් ස්ටොක්ස් නොදැවී 115, ජොස් බට්ලර් 31, පැට් කමින්ස් 3/35)

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම (කඩුලු 6ක් දැවී) 154

(මානුස් ලබුස්චාන් 59, ට්‍රෙවිස් හේඩ් නොදැවී 42, ජොෆ්රා ආචර් 3/32, ජැක් ලිච් 3/37)

මාතෘකා