අඹේපිටිය පිටියෙන් සමුගනී

 ඡායාරූපය:

අඹේපිටිය පිටියෙන් සමුගනී

ජාතික මලල ක්‍රීඩා ශූරතාව තම සමුගැනීමේ තරගාවලිය බවට පත්කරගැනීමට කෙටි දුර ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය සමත්විය. පසුගියදා (17) ඔහු මීටර් 200 මූලික තරග ඉසව් තත්පර 21.52කින් අවසන් කරමින් එහි පළමු වැනියා බවට පත්වූ අතර පසුව අවසන් තරගයට සහභාගි නොවී ඉන් ඉවත්විය.

දහසය වසරක කාලයක් තම ක්‍රීඩා ජීවිතය වර්ණවත් කරගැනීමට සහය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පළකළ ඔහු, තිස්හැවිරිදි වියට එළඹ සිටින හෙයින් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය. ජැමෙයිකාවේ පුහුණු ශිෂ්‍යයත්වයක් යටතේ කෙටි දුර ධාවන තරග පුහුණුව ලැබූ අඹේපිටිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් රැසක් දිනාගෙන ඇති ක්‍රීඩකයෙකි. අවසන් වතාවට ඔස්ට්‍රේලියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී සහය දිවීමේ ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ද ඔහු නියෝජනය කළ කණ්ඩායම සමත් විණි.

මාතෘකා