වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩිකාවගේ ආලේඛ්‍ය සිතුවමක් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයට

 ඡායාරූපය:

වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩිකාවගේ ආලේඛ්‍ය සිතුවමක් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයට

දැනට ලොව ජීවතුන් අතර සිටින වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩිකාව වන එංගලන්ත කාන්තා ක්‍රීඩිකා එයිලීන් ඇෂ්ගේ ආලේඛ්‍ය සිතුවමක් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කිරීම පසුගිය සෙනසුරාදා සිදු කෙරිණි. දැනට වයස අවුරුදු 107ක් වන එයිලීන් විශේෂඥ පන්දු යවන්නියකි. ටෙස්ට් තරග 7ක් වෙනුවෙන් එංගලන්තය නියෝජනය කර ඇති ඇය 1937-49 කාලයේ කණ්ඩායමට ඇතුළත්ව සිටියාය. ඇය ටෙස්ට් කඩුලු 10ක් දවාගෙන ඇති අතර හොඳම පන්දුයැවීම සටහන්ව ඇත්තේ 3/35ක් වශයෙනි.

‘ඒක හරිම අපූරුයි. ඒක හරිම විශිෂ්ට හැඟීමක්. මට දැනෙන්නෙ මම අවුරුදු 200ක් ජීවත් වුණා වගේ’ ඇය ප්‍රකාශ කර ඇත. තමන් තවදුරටත් නිරුපද්‍රිතව සිටින්නේ යෝග ව්‍යායාම්වල නියැලීම හේතුවෙන් බව ඈ වැඩිදුරටත් පවසා ඇත.

මාතෘකා