පිට පිටම 17 වැනි වරටත් බ්ලෙඩිස්ලේ කුසලානය නවසීලන්තයට

 ඡායාරූපය:

පිට පිටම 17 වැනි වරටත් බ්ලෙඩිස්ලේ කුසලානය නවසීලන්තයට

ලෝක රග්බි ශූරයින් තවමත් තමන් බව ලොවටම පෙන්වමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36-0ක ජයක් හිමිකරගත් නවසීලන්තය මෙවරත් බ්ලෙඩිස්ලේ කුසලානය තමන් සතු කරගැනීමට සමත් විය.

පසුගිය 10 වැනිදා ඔස්ට්‍රේලියාවේ පර්ත්හි පැවැති පළමු තරගය ලකුණු 47-26ක් ලෙස පරාජය වීම නිසා ලකුණු 21ක අවාසියක් සහිතව ඔක්ලන්ඩ්හි ඊඩ්න්පාක් ක්‍රීඩාංගණයට අවතීර්ණ වූ නවසිලන්තයට මෙවර තරගාවලිය ජය ගැනීමට නම් ලකුණු 22කට වඩා පරතරයකින් ඔස්ට්‍රේලියානු වොලබීස් කණ්ඩායම පරාජය කළ යුතු විය. ඒ අභියෝගය සාර්ථකව නිමා කළ ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයෝ ඔස්ට්‍රේලියානුවන්ට ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක් කිරීමට නොදී මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුහ.

තරගයේ විවේක කාලය වන විට නවසීලන්තය ලකුණු 17-00ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. 2003 වසරේ සිට පිට පිටම බ්ලෙඩිස්ලේ කුසලානය නවසීලන්තය විසින් දිනා ගනු ලැබූ 17 වැනි අවස්ථාව මෙයයි.

මාතෘකා