ඉන්දීය පුහුණුකාරිත්වයට නම් හයක් මහේල ඉදිරිපත් නොවෙයි

 ඡායාරූපය:

ඉන්දීය පුහුණුකාරිත්වයට නම් හයක් මහේල ඉදිරිපත් නොවෙයි

ඉන්දීය ක්‍රිකට් පුහුණුකරුවා තේරීමේ සටනට ලොව ප්‍රකට පුහුණුකරුවන් සය දෙනෙකුගේ නම් තෝරාගෙන තිබේ. එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළ ආකාරයට රවී ශාස්ත්‍රි නැවත වරක් පුහුණුකාරිත්වය වෙනුවෙන් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ලොව ප්‍රකට පුහුණුකරුවකු වන ටොම් මූඩිද ඒ අතර වෙයි. මූඩි සම්බන්ධයෙන් හැඳින්වීමක් කරන ඉන්දීය මාධ්‍ය හිටපු ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙසින් හඳුන්වා තිබීමද විශේෂත්වයකි. ඊට අමතරව මයික් හෙසන්, පිල් සිමන්ස්, රොබින් සිං සහ ලාල්චාන්ද් රාජ්පුට් ඒ අතර වෙයි. මෙලෙසෙ තෝරාගෙන ඇති සියලු පුහුණුකරුවන් සඳහා වෙන වෙනම වේලාවන්හි සම්මුඛ පරීක්ෂණ ලබාදීමට සැලසුම්කර ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

පුහුණුකරු තීරණය කිරීමේ සම්මුඛ සාකච්ඡාවන් ප්‍රමාද වූයේ මූලික ලිපි ලේඛණ කීපයක ප්‍රමාදයෙන් බව ත්‍රිපුද්ගල ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටු සාමාජිකයන් වන කපිල් දේව්, අන්සුමාන් ගයික්වාඩ් සහ ශාන්ත රංගස්වාමි උපුටා දක්වන ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සියලු සම්මුඛ සාකච්ඡා මෙම සිකුරාදා (16) උදාසන සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත. යළිත් වරක් රවී ශ්‍රාස්ත්‍රි ඉන්දීය පුහුණුකරු වශයෙන් පත්වීමේ ප්‍රවනතාවක් ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔහු සහ කණ්ඩායම අතර පවතින සුහද භාවය ඊට හේතුවනු ඇතැයිද බහුතරයකගේ විශ්වාසයවී ඇත. කෙසේ නමුත් හෙන්සන් සහ මූඩි මෙහිදී දැඩි තරගයක් ලබාදෙන අපේක්ෂකයන් ලෙසද ප්‍රකාශිතය.

මාතෘකා

ජනප්‍රිය ලිපි