සුපිරි පන්දුවාරයෙන් ජය හෝක්ස් පිලට

සුපිරි පන්දුවාරයෙන් ජය හෝක්ස් පිලට

 

කැනඩා ග්ලෝබල් ටී20

 

සුපිරි පන්දුවාරයේදී එක් ලකුණකින් වැන්කූවර් නයිට්ස් කණ්ඩායම පරාජය කළ විනිපෙග් හෝක්ස් කණ්ඩායම කැනඩාවේ පැවැති 2019 ගෝලීය පන්දුවාර 20 ලෝක ශූරතා තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට සමත් විය. මෙම තරගය පසුගිය ඉදිරිදා ඔන්ටාරියෝහි පැවැත්විණි.

විනිපෙග් හෝක්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 198ක් රැස්කළේ කඩුලු අටක් පමණක් වැය කරමිනි. ඒ වෙනුවෙන් සේමන් අන්වර් ලකුණු අනූවකින් දායකවූ අතර ඇන්ඩෘ රසල් කඩුලු හතරක් බිඳහෙළුවේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වැන්කුවර් නයිට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 192ක් රැස්කරමින් ලකුණු සම කළේ කඩුලු 6ක් වැය කරමිනි.

ජයග්‍රාහකයන් තේරීමේ සුපිරි පන්දුවාර යැවීම ඉන් අනතුරුව තීරණය කළ අතර එහිදී හෝක්ස් කණ්ඩායම ලකුණු 10ක් රැස් කළේය. ඊට පිළිතුරු අභියෝගය සැපයීමට පැමිණියද වැන්කුවර් නයිට්ස් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9ක් පමණි. ඒ අනුව එක ලකුණකින් තරගයේ ජය හෝක්ස් පිලට හිමිවිය.

ලකුණු සාරාංශය

විනිපෙග් හෝක්ස් 192/8 (සෙයිමාන් අන්වර් 90, ඇන්ඩෘ රසල් 4/29) සුපිරි පන්දුවාරය 10/0

වැන්කුවර් නයිට්ස් 192/6 (ෂොයිබ් මලික් 64, ඇන්ඩෘ රසල් 46, රියාද් එම්රින් 2/37) සුපිරි පන්දුවාරය 9/2

මාතෘකා