ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය

විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා රන්තුෂ්ක කරුණාතිලක ක්‍රීඩිකාව හංසනී කපුගීකියන

ශ්‍රී ලංකා පාසල් මයිලෝ ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී 2017 වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩක රන්තුෂ්ක කරුණාතිලක සම්මාන ලැබීය. එම වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව වූයේ කොළඹ විශාකා විද්‍යාලය නියෝජනය කරන මේස පන්දු ක්‍රීඩිකාවක වන හංසනී කපුගීකියනයි. මෙම සම්මාන උලෙළ පසුගියදා බන්ඩරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් විණි.

2017 නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ය. නැගී එන ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩිකා හසිනි අම්බලන්ගොඩගේට සම්මාන හිමි විය.

ඡායා [දුෂ්මන්ත මායාදුන්නේ]

මාතෘකා