තලාහේන පාපැදි සවාරිය ප්‍රියන්ත විජේසිංහට

 ඡායාරූපය:

තලාහේන පාපැදි සවාරිය ප්‍රියන්ත විජේසිංහට

කිලෝ මීටර් 86ක් දුර පැවැති තලාහේන ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයේ ජය වාර්තා කිරීමට දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ප්‍රියන්ත විජේසිංහට හැකි විය.

තලාහේන නගරයේ සිට අළුත් පාර දිගේ අවිස්සාවේල්ලට පැමිණ නැවතත් හැරී තලාහේන මංසන්ධියෙන් තරගය අවසන් විය.දෙවැනි සහ තෙවැනි ස්ථානද දෙහිවල ගල්කිස්ස මහනගර සභා ක්‍රීඩකයන්ටම හිමි වීම විශේෂ සිද්ධියකි.දෙවැනි ස්ථානය ආසිරි කැලුම් මෙන්ඩිස්ටත්, තෙවැනි ස්ථානය නිරෝෂන් පෙරේරාටත් හිමි විය.

ඡායා [ක්‍රිස්ටි පී. දයාසෝම]

මාතෘකා