බැංගලෝර් පිට පිටම 6 වැනි පරාජයත් ලබයි

 ඡායාරූපය:

බැංගලෝර් පිට පිටම 6 වැනි පරාජයත් ලබයි

තරගාවලියේ පිට පිටම හයවැනි පරාජයත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට උරුමකර දුන් ළබාල නායක ශ්‍රෙයාෂ් අයියර් ප්‍රමුඛ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සිය තෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට ඉරිදා (7) සමත් විය. ඒ බැංගලෝර් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමිනි.

බැංලලෝර්හි පැවැති තරගයේ රෝයල් චැලෙන්ජර්ස් ඉනිම ලකුණු 149කට සීමා කිරීමට කගීසෝ රබාඩා මූලිකත්වය ගත්තේ සිය පන්දුවාර 4දී ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමිණි. බැංගලෝර් නායක විරාට් කෝලි සහ මොයින් අලී පිළිවෙලින් ලකුණු 41ක් සහ 32ක් ලබා ගැනීමට සමත් වූහ.

ජයග්‍රාහී ලකුණු 150ක ඉලක්කය හඹා යාමේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිල්ලි නායකයා පන්දු 50 කදී ලකුණු 67ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ 2ක් සමගිනි.

ලකුණු සාරාංශය

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී) 149

(විරාට් කෝලි 41, මොයින් අලි 32, අක්ෂ්දීප් නාත් 19, කගීසෝ රබාඩා 4/21, ක්‍රිස් මොරිස් 2/28)

දිල්ලි කැපිටල්ස් (පන්දුවාර 18.5කදී කඩුලු 6ක් දැවී) 152

(ශ්‍රෙයාෂ් අයියර් 67, ප්‍රිතිව් ෂෝ 28, කොලින් ඉන්ග්‍රම් 22, නව්දීප් සයිනි 2/24)

මාතෘකා