“රන් සිහ සටන” අද සහ හෙට

 ඡායාරූපය:

“රන් සිහ සටන” අද සහ හෙට

අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග සමයේ අවසන් භාගය සලකුණු කරමින් දිවයිනේ ප්‍රධානතම බෞද්ධ විද්‍යාල ද්විත්වයක් වන බස්නාහිර පළාතේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ දකුණු පළාතේ මාතර රාහුල විද්‍යාලය අතර 8වැනි “රන් සිහ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (5) සහ හෙට (6) කොළඹ පී. සරා ඕවල් පිටියේදී පැවැත්වේ.

2012 වසරේ ඇරඹි මෙම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ එක් තරගයක් 2015 වසරේදී ‍රශාන් රත්නායකගේ නායකත්වය යටතේ ධර්මපාල විද්‍යාලය විසින් ජයගෙන තිබිණි. රාහුල විද්‍යාලයට එකදු තරගයක් හෝ ජය ගැනීමට මේ දක්වා අවස්ථාව හිමිව නැත.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පිලේ නායකයා ලෙස අමිල ඩයනක කටයුතු කරන අතර, චමිඳු සමරසිංහ උප නායක ලෙස කටයුතු කරයි. මාතර රාහුල විද්‍යාල පිල සසිත් මනුරංග විසින් මෙහෙයවනු ලබන අතර, භාග්‍ය එදිරිවීර උප නායකයාය.

නායක අමිල ඩයනක, උප නායක චමිඳු සමරසිංහ, අවිෂ්ක හසරින්ද, දුලාජ් එගොඩගේ, විහඟ ගුණරත්න සහ ශෂික ඩිල්ෂාන් යන ක්‍රීඩකයින් ධර්මපාල පිල වෙනුවෙන් මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී දස්කම් දැක්වූ අතර, ඔවුන් කෙරෙහි මෙම මහා තරගයේදීද වැඩි විශ්වාසයක් තබා ඇත.

නායක සසිත් මනුරංග, උප නායක භාග්‍ය එදිරවීර, බිනර සංකේත්, තිමිර චන්දික, චමුදිත ඩිල්ෂාන් සහ ළකිඳු චමෝද්‍ය යන ක්‍රීඩකයින් රාහුල පිල වෙනුවෙන් මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී දස්කම් දැක්වූ අතර, ඔවුන් කෙරෙහි මෙම මහා තරගයේදීද ඉහළ විශ්වාසයක් තබා තිබේ.

දෙවිදුහල් අතර වන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් 7 වැනි ඉරිදා මෙම ක්‍රීඩාංගණයේදී ම පැවැත්වේ.

ධර්මපාල විද්‍යාල සංචිතය: අමිල ඩයනක (නායක), චමිඳු සමරසිංහ (උප නායක), අවිෂ්ක හසරින්ද, දුලාජ් එගොඩගේ, ශෂික ඩිල්ෂාන්, අශාන්ත විශ්වජිත්, මලිත් සඳකැළුම්, තරිඳු සඳරුවන්, විහඟ ගුණරත්න, රශ්මික ජයකොඩි, ලක්ෂිත පුරසිංහ, නඳුන් හේවානායක, කාවින්ද නිශාන්ත, ෂෙවොන් නදීජ, නවඳු නවීන්, සංචන ලංකා, සුජිත් ලියනගේ (ක්‍රිකට් භාර ආචාර්ය), වරුණ විතානකන්ද (ක්‍රිකට් භාර ආචාර්ය), ප්‍රදීප් නිශාන්ත (ප්‍රධාන පුහුණුකරු), ඉෂාන් අංජන (සහාය පුහුණුකරු)

රාහුල විද්‍යාල සංචිතය: සසිත් මනුරංග (නායක), භාග්‍ය එදිරවීර (උප නායක), බිනර සංකේත්, හේෂාන් දිල්හාර, ළකිඳු චමෝද්‍ය, තරිඳු රාජපක්ෂ, තිමිර චන්දික, චමුදිත ඩිල්ෂාන්, ඔවින් බෝපගේ, පසිඳු අවිෂ්ක, යෙනුල සංතුෂ, සිතුම් අංජන, සහන් බණ්ඩාර, තරුෂ ජයසේකර, මනුජ දුල්නෙත්, රුවින්ද ඩිල්ෂාන්, මළිඳු හංසික, මනෝජ් මධුසංක (ක්‍රිකට් භාර ආචාර්ය), රනිල් රසාංග (ප්‍රධාන පුහුණුකරු), යසිරු හේවානාඳුගල (සහාය පුහුණුකරු)

[ඉෂානි යද්දෙහි]

මාතෘකා

ජනප්‍රිය ලිපි