වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලිය

 ඡායාරූපය:

වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලිය

ශූරතාව සාන්ත සෙබස්තියන් B පිලට

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල B කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී සාන්ත සෙබස්තියන් විද්‍යාල B පිල හමුවේ පරාජය වූයේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායමයි. තරගය පැවතියේ කොළඹ රීඩ් මාවත ක්‍රීඩාංගණයේදීය.

ජයග්‍රාහී සාන්ත සෙබස්තියන් B කණ්ඩායමට ලකුණු 2.07ක් හිමිවූ අතර කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට හිමි වූයේ ලකුණු 2.00ක් පමණි.

අයහපත් කාල ගුණ තත්ත්වය නිසා තරගය ආරම්භ වූයේ තරමක් ප්‍රමාදවය. කාසියේ වාසිය දිනූ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදීම සඳහා සාන්ත සෙබස්තියන් B කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව මුළින්ම පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් B කණ්ඩායම පන්දුවාර 65.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 107ක් රැස්කර සිටියදී අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කිරීමට සිදුවිය.

ලකුණු සාරාංශය

සාන්ත සෙබස්තියන් B කණ්ඩායම පළමු ඉනිම (කඩුලු 5ක් දැවී) 107

(නිලාශ් පෙරේරා 33, තිහාෂ මෙන්ඩිස් නොදැවී 26, ක්‍රිෂේන් බණ්ඩාර 18, නිෂේන් ප්‍රනාන්දු 15, පවර මනීෂ 3/17, රෂ්වික චමත් 1/29)

මාතෘකා

ජනප්‍රිය ලිපි