තරුණ සේවා පාපන්දු තරගාවලිය

 ඡායාරූපය:

තරුණ සේවා පාපන්දු තරගාවලිය

තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් තරුණ සේවා සභාවට අයත් යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය හා ජාතික තරුණ සේවා සභාව බදුල්ල කාර්යාලය එක්ව ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරනු ලැබූ ජාතික පාපන්දු තරගාවලිය පසුගියදා බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

තරගාවලිය සදහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.

මෙම අවස්ථාව සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් විපක්ෂ නායක ර.මු රත්නායක මහතා ඇතුලු අති විශාල පිරිසක් එක්ව සිටියහ.

මීගහකිවුල සමූහ [එන් කුමාර]

 

මාතෘකා