ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

 ඡායාරූපය:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

ඉන්දියාවට කඩුලු 9ක විශිෂ්ට ජයක්

ඉන්දීය ආරම්භක පිතිකරුවන්වූ ශිකර් ධවාන් සහ රෝහිත් ෂර්මාගේ සුපිරි ආරම්භක සබඳතාවය නිසා පාකිස්ථානය පරාජය කරමින් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගය 23වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවතිණි.

කාසියේ වාසිය දිනූ පාකිස්ථානය නියමිත පන්දුවාර 50 තුලදී ලකුණු 237ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය. ෂොයිබ් මලික් තරගාවලියේ පිට පිටම වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුනු 78ක් ලබා ගැනිමට සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය කළ ලකුණු 238 සඳහා පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් පළමු පන්දුවාර කිහිපයේදී යම් ස්ථාවර ඉනිමකට අවතීර්ණවූ අතර ඉන්පසුව කලකින් දක්නට නොලැබෙන දැකුම්කළු පිතිහරඹයක නිරත වූහ. මුලු ලකුණු සංඛ්‍යාව 210ක්ව තිබියදී ධවාන් දුවද්දී දැවී යන විට පන්දු 100කින් ලකුණු 114ක් ලබා ගැනීමට සමත්ව සිටියේය. ධවාන්ගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් අන්තර්ගත විය. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 111ක් ලබා ගත්තේ පන්දු 119ක් තුලය ඒ සඳහා ෂර්මා හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල කර තිබුණි.

ලකුණු සාරාංශය

පාකිස්ථානය (පන්දුවාර 50කදී කඩුලු 7ක් දැවී) 237

(ෂොයිබ් මලික් 78, සෆ්රාස් අහ්මඩ් 44, ෆකාර් සමාන් 31, අසීෆ් අලි 30, ජස්ප්‍රිට් බුම්රා 2/29, කුල්දීප් යාදව් 2/41, යුෂ්වේන්ද්‍ර චහාල් 2/46)

ඉන්දියාව (පන්දුවාර 39.3කදී එක් කඩුල්ලක් දැවී) 238

(ෂිකර් ධවාන් 114, රෝහිත් ෂර්මා නොදැවී 111)

මාතෘකා

ජනප්‍රිය ලිපි