ශ්‍රී ලංකා පැසිපන්දු පිළ තවත් පියවරක් ඉදිරියට බංග්ලාදේශයත් පරදවයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා පැසිපන්දු පිළ තවත් පියවරක් ඉදිරියට බංග්ලාදේශයත් පරදවයි

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම ආසියානු පැසිපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ බහරේනයේ පැවති තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කිරීමට සමත්විය. ලකුණු 63-60ක් ලෙස තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර කලාපයේ රවටල් අතර සිව්වැනි ස්ථානයට පත්වීමට සමත්විණි. ඒ අනුව 2021 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු පැසිපන්දු තරගාවලිය දක්වා සුදුසුකම් ලබාගැනීමේ ඊළඟ අදියරට පිවිසීමට හැකියාව උදාකරගත්තේය.

මෙම තරගාවලියේදී සත්කාර බහරේනය, සෞදි අරාබිය හා පලස්තීනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය ලැබීය. ශාරීරික පහසුකම් සැලකිල්ලට ගනිද්දී මෙම රාජ්‍යයන් නියෝජනය කළ කණ්ඩායම් වැඩි වාසි හිමිකරගැනීම හේතුවෙන් එම තරග ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක අයුරින් ක්‍රියාත්මක විණි.

මේ අනුව ආසියානු දැල්පල්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තවත් තරගාවලියක් ලබන වසරේදී පැවත්වීමට නියමිත අතර එ් සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව ආසියානු පැසිපන්දු කුසලාන තරගාවලියක් සඳහා වසර 11කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් සුදුසුකම් ලබාගැනීමට ඇති අවකාශ පුළුල් කරගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. ආසියාව නියෝජනය කරනු ලබන රාජ්‍යයන් 44 ක් අතුරින් රටවල් 20 ක් පමණක් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමද විශේෂත්වයකි. ආසියානු දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් ස්ථාන 16 දිනාගන්නා කණ්ඩායම් නිරායාසයෙන් තරගාවලියට සුදුසුකම් ලබන අතර ආසියානු තරගාවලියට රටවල් විස්සක් සහභාගි කරගැනීමට ද නියමිතය.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමේ සංචාරක අනුග්‍රාහකයා වශයෙන් ජැට් හෝල්ඩින්ස් සමාගම අනුග්‍රාහකත්වය දක්වා තිබිණි. ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා ජාතික පැසිපන්දු සම්මේලනය, ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදෙන සහය අතිශය වැදගත් හෙයින් ඒ පිළිබඳ තම ස්තුතිය පළකරන බවද පැසිපන්දු කණ්ඩායම එම ජයග්‍රහණයෙන් අනතුරුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

මාතෘකා