ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා එක්දින තරගාවලිය පළමු තරගයෙන් ඉන්දියාවට කඩුලු 9ක විශිෂ්ට ජයක්

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා එක්දින තරගාවලිය පළමු තරගයෙන් ඉන්දියාවට කඩුලු 9ක විශිෂ්ට ජයක්

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය අත්කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායිකාව තීරණය කළාය. ආරම්භයේදීම ඉන්දීය පන්දු යවන්නියන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකාරිණියන් අසරණවූ අතර එම පීඩනය අවසානය දක්වාම පවත්වාගත් ඉන්දීය කණ්ඩායම අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම කඩුලු ලකුණු 98කට දවාලීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනියවූ නායිකා චමරි අතපත්තු පන්දු 93කින් ලකුණු 33ක් රැස් කිරීමට සමත් වු අතර ශ්‍රීපාලි වීරක්කොඩි ලබාගත් ලකුණු සංඛ්‍යාව 26කි.

පිලිතුරු ඉනිම ආරම්භ කළ ඉන්දීය පිතිකාරණියන් ඉතා පහසුවෙන් සිය ඉලක්කය සපුරාගත් අතර ඔවුන්ගේ ජයග්‍රහණය වේගවත් කරමින් ආරම්භක පිතිකාරණියවූ මන්දනා ස්මිත්‍රි පන්දු 76කින් ලකුණු 73ක් රැස් කිරීමට සමත් වූයේ හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සහිතවය.දෙපිල අතර දෙවැනි ජාත්‍යන්තර සීමිත පන්දුවාර තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කණ්ඩායම (පන්දුවාර 35.1කදී සියලු දෙනා දැවී) 98

(චමරි අතපත්තු 33, ශ්‍රීපාලි වීරක්කොඩි 26, ඩිලානි මනෝදරා 12,

මන්සි ජෝෂි 3/16, ජුලාන් ගොස්වාමි 2/13, පූනම් යාදව් 2/13)

ඉන්දීය කණ්ඩායම (පන්දුවාර 19.5කදී එක් කඩුල්ලක් දැවී) 100

(මන්දනා ස්ම්‍රිති නොදැවී 73, පූනම් රාවට් 24, ඉනෝකා රණවීර 1/5)

මාතෘකා

ජනප්‍රිය ලිපි