සෙරීනා දඩ කයි

 ඡායාරූපය:

සෙරීනා දඩ කයි

ජාත්‍යන්තර ටෙනිස් සංගමය විසින් සුපිරි ඇමෙරිකානු ටෙනිස් ශූරිය වන සෙරීනා විලියම්ස්ට ඇමෙරිකානු ඩොලර් 17,000ක දඩයක් නියම කර ඇත.

එයට හේතුවී ඇත්තේ ඇය ක්‍රීඩා අචාරධර්ම උල්ලංඝනය කිරීම බව ජාත්‍යන්තර ටෙනිස් සංගමය නිවේදනය කළේය.

පසුගියදා නිමාවූ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය අතරතුරදී සෙරීනා විලියම්ස්ගේ පුහුණුකරු විසින් ලබා දුන් උපදෙස් ලබාගැනීම සඳහා සෙරීනා පමාවීම නිසා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ප්‍රතිවාදී ක්‍රීඩිකා නයෝමි ඔසාකාහට ලකුණක් ප්‍රදානය කළේය. එයට උරණවූ සෙරීනා පෘතුගාල ජාතික විනිසුරු කාලෝස් රාමෝස්ට ‘බොරුකාරයා‘ සහ ‘හොරා‘ යන වචන භාවිත කරමින් බැණ වැදුණු අතර එය සජීවීව විකාශය විය.

ඒ අනුව ජාත්‍යන්තර ටෙනිස් සංගමය විසින් මෙම දඩ මුදල් පනවා තිබේ.

මාතෘකා