FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය

 ඡායාරූපය:

FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය

2018 හොඳම FIFA පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් තිදෙනා අතරට එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායමේ මෙන්ම ඊජිප්තුවේද සුපිරි පාපන්දු තරුව වන මොහොමඩ් සලාහ් ඇතුළත්ව සිටී. සලාහ්ට අමතරව ඇතුළත්ව සිටින අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ මෙවර ලෝක කුසලානයේදී තම පිලට අනුශූරතාව ලබා දීමට විශාල දායකත්වයක් ලබා දුන් ක්‍රොඒෂියානු නායක ලුකා මොඩ්රික්ය. මොඩ්රික් ස්පාඤ්ඤයේ රියල් මැඩ්රීඩ් කණ්ඩායමේද ක්‍රීඩකයෙකි.

බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන සිටි සුපිරි ආර්ජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී මෙවර නාම යෝජනා ලැයිස්තුවේ නොමැති වීමද සුවිශේෂ සිදුවීමකි. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මෙසී හැරුණු කොට යුරෝපයේ සහ ලතින් ඇමරිකානු කලාපවල සුපිරි පාපන්දු ක්‍රීඩකයින් අභිභවා මොහොමඩ් සලාහ් FIFA පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය සඳහා නම් වීමද තවත් සුවිශේෂ සිදුවීමකි. විශේෂයෙන්ම ලෝක කුසලානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් මෙවර ලැයිස්තුවට ඇතුළත් වී නොමැත.

එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායම ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙක් රැගෙන ඒමට සමත් වූ මෙහොමඩ් සලාහ් මෙන්ම මෙවර යුරෝපයේ (UEFA) වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනූ ලුකා මොඩ්රික් පළමු වතාවට මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇත. පසුගිය වසර දෙකේම මෙම සම්මානය දිනා ගත්තේ ඔවුන් දෙදෙනා සමග නැවතත් මෙවර FIFA පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය සඳහා නිර්දේශ වී සිටින සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝයි.

හොඳම පිරිමි පුහුණුකරුවාගේ තනතුරට හිටපු රියල් මැඩ්රිඩ් පුහුණුකරු සිනේඩින් සිඩෑන් මෙන්ම ප්‍රංශ පුහුණුකරු ඩිඩියේ ඩෙස්චෑම්ප් හා ක්‍රොඒෂියාවේ ස්ලැට්කෝ ඩෙලික් නිර්දේශ වී සිටී.

තෙවන වරටත් සිඩෑන් අඛණ්ඩවම රියාල් මැඩ්රිඩ් කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගය කරා රැගෙන යාමට සමත් වූ අතර ඒ හේතුව මත සිඩෑන් මෙම ලැයිස්තුවේ පෙරමුණේම සිටියි.

FIFA හොඳම ගෝල රකින්නාගේ සම්මානයට නිර්දේශ වී ඇත්තේ බෙල්ජියම් ගෝල රකින ක්‍රීඩක තීබවුට් කෝටොයිස් සමග ප්‍රංශයේ හියුගෝ ල්ලෝරිස් හා ඩෙන්මාර්කයේකැස්පර් ෂෙමිෂෙල්ය.

මාතෘකා