ශ්‍රී ලංකා හාඩ් කෝට් ටෙනිස් ශූරතාවලිය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා හාඩ් කෝට් ටෙනිස් ශූරතාවලිය

අනීකා සෙනෙවිරත්න ත්‍රිත්ව ශූරතා දිනයි

ශ්‍රී ලංකා හාර්ඩ් කෝට් ජාතික ටෙනිස් ශූරතා තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා අත්කර ගැනීමට අනිකා සෙනෙවිරත්න සමත් විය.

එහිදී අනීකා සෙනෙවිරත්න විසින් කාන්තා අවසන් තරගයේදී අංජලිකා කුරේරා තරග වට 2-0ක් ලෙස පරාජය කරමින් මෙවර ශ්‍රී ලංකා හාර්ඩ් කෝට් ජාතික කාන්තා ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 6-1ක් සහ 6-3ක් වශයෙනි.

තරගාවලියේ දෙවැනි වටයේ තරගයේදී අනිකා අතින් පරාජය වූයේ ඇගේ සොහොයුරියවූ අලානා සෙනෙවිරත්නයි. තරගවට 2-0ක ජයක් අනිකාට හිමිවූ අතර ලකුණු තත්ත්වය වූයේ 6-3 සහ 6-3ක් ලෙසිනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී අනිකා විසින් රුක්ෂානා විජේසූරිය ලකුණු 7-6ක් සහ 7-5ක් ලෙස තරග වට 2-0කින් පරාජය කළ අතර අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස ශ්‍රේණිගතවී සිටින ජනලි මනම්පේරිට 6-0ක් සහ 6-0ක් ලෙස දරුණු පරාජයක් අත්කර දීමට සමත් විය. තරගාවලියේ කාන්තා යුගල ඉසව්වේදි අනිකා සෙනෙවිරත්න සහ අලානා සෙනෙවිරත්න විසින් ජනලි මනම්පේරි සහ හරිනි ජයසූරිය තරගවට 2-0කින් පරාජය කරමින් යුගල ශූරතාවය දිනා ගැනීමට සමත් වූවාය. ලකුණු තත්ත්වය කියවුණේ 7-5ක් සහ 4-2න් ලෙසිණි. තරගය අතරතුර ජනලි මනම්පේරි සහ හරිනි ජයසූරිය තරගයෙන් ඉවත් විය. දිනේෂ් කාන්තන් තංගරාජ සමග එක්වූ අනිකා සෙනෙවිරත්න තරගාවලියේ මිශ්‍ර යුගල ඉසව්වද ජය ගැනීමට සමත් විය.

මාතෘකා