ඩ්වේන් බ්‍රාවෝත් ජාත්‍යන්තර පිටියෙන් නික්ම යයි

 ඡායාරූපය:

ඩ්වේන් බ්‍රාවෝත් ජාත්‍යන්තර පිටියෙන් නික්ම යයි

ඩ්වේන් බ්‍රාවෝ උපත ලබන්නේ සුන්දර කඳු පන්ති සමුදායකට උරුමකම් කියන බටහිර ඉන්දීය කොදෙව් දුපත් සමූහයට අයත් ට්‍රිනිඩැඩ් සහ ටොබැගො දූපත්හි ශාන්ත කෘස්හි දීය. ඒ 1983 ඔක්තෝබර් මස 7 වැනිදා දිනකය. ක්‍රිකට් පිටියේ අතිශය මනරම් හරඹ පෑ ඔහුට සහෝදරියන් හතර දෙනෙක් සහ එක් සොහොයුරෙක් සිටී. සොහොයුරා අපි කවුරුත් හොඳන් හඳුනන ඩැරන් බ්‍රාවෝය. ඔහුත් බටහිර ඉන්දිය කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

තම පියා ක්‍රිකට් ක්‍රීඩාව අසීමිතව ඇසුරුකරන හෙයින් ඔහුගේ මඟ පෙන්වීම යටතේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබීමට බ්‍රාවෝට හැකි විය. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව තවත් විශේෂ හැකියාවන් උප්පත්තියෙන්ම හිමිව තිබුණේය. ඒ අනුව පාපන්දු ක්‍රීඩාව, ධාවන හැකියාව, ඉමිහිරි ගී ගැයීමේ කුසලතාව මෙන්ම නර්තන කුසලතාව ඒ අතර විය. පසුකලෙක ඔහු එම හැකියාවන් ක්‍රිකට් පිටියටද රැගෙන එනු ලැබුණේ මේ හේතුවෙනි. එකී හැකියාවන් හේතුවෙන් ඔහු අතිශය ජනාදරයට පත් හා ප්‍රියශීලී ක්‍රීඩකයකු බවට පත්වූවේ යැයි පැවසිය හැකිය. ක්‍රීඩා පිටියේදී කඩුල්ලක් දවාගන්නා සෑම මොහොතකම, උඩපන්දුවක් රැකගත් අවස්ථාවකදී ස්වකීය නර්තනය ඉදිරිපත් කරන්නට බ්‍රාවෝ අමතක කරන්නේ නැත.

එමෙන්ම 2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලීයේදී චෑම්පියන්ස් ගීතය ගයනා කරමින් මුළු මහත් ලෝකයාගේ අවධානය දිනාගැනීමට සමත් වුයේ තමන් දක්ෂ ගායකෙකුගේ ගති ලක්ෂණ ලෝක ප්‍රජාව හමුවේ ඉස්මතු කරමිනි.

2004දී එංගලන්තය එරෙහිව සිය ජාතික කණ්ඩායම පළමුවරට නියෝජනය කිරීමෙන් ජාත්‍යන්තර තලයට පිවිසිමෙන් අනතුරුව වර්තමානය දක්වාම සිය දින පොතට සුවීශේෂී ක්‍රිකට් මතක සටහන් එක් කර තිබෙන බ්‍රාවෝ 2005 ඔස්ට්‍රේලියානු කණඩායමට එරෙහිව හෝබාර්ට්වල පැවති දෙවැනි ටෙස්ට් තරගයේ ලබා ගත් 113 ද, 2006 දී පැවති ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ලබා ගත් කඩුලු 7 ද අමතක නොකරන්නකි. එම තරගාවලිය තුළදි ලබා ගත් තම කුළුඳුල් ශතකය සහ 2012 හා 2016 වර්ෂයන්හී පැවති 20 යි20 ලෝක කුසලානය තම මව් දේශයට ගෙනයාමට දායකත්වය සැපයිම වැනි ක්‍රිකට් මතක සටහන් අතරට අයත් සුවිශේෂී සංධිස්ථාන වශයෙන් හැදින්විය හැක.

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඩ්වේන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 40 ක් ,එක්දින තරග 164 ක් සහ 20 යි 20 තරග 66 කට සහභාගි වී තිබුණි. ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන විට 35 හැවිරිදි වියේ පසුවූ බ්‍රාවෝගේ මීළඟ ඉලක්කය හින්දි සිනමා පට ඔස්සේ ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කිරීමය.

[සඳරුවන් ප්‍රනාන්දු]

මාතෘකා