බංග්ලාදේශ - ශ්‍රී ලංකා පළමු යොවුන් ක්‍රිකට් තරගය අද

 ඡායාරූපය:

බංග්ලාදේශ - ශ්‍රී ලංකා පළමු යොවුන් ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා යොවුන් නායකත්වය නිපුන් ධනංජයට

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරගය අද කොළඹ එන්. සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මෙම තරගය සඳහා නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුක්තව නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා අනුමැතිය ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ. සිව් දින තරග 2කට සහ එක් දින තරග 5කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. සති හතරක තරග සංචාරයක් සඳහා මෙලෙස ඔවුන් මෙරට තුළ සංචාරය කිරීමට නියමිතව තිබේ. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ඔක්තෝබර් 30 වැනිදා රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. නොවැම්බර් 10 වැනිදා සංචාරක කණ්ඩායම මෙම සංචාරය අවසන් කර නැවතත් බංග්ලාදේශය බලා පිටත් වීමට නියමිතය.

දෙරට අතර තරග කාල සටහන

ඔක්තෝබර් 16 වැනිදා පළමු සිව්දින තරගය කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

ඔක්තෝබර් 23 වැනිදා දෙවැනි සිව්දින තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

ඔක්තෝබර් 30 වැනිදා පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 01 වැනිදා දෙවැනි එක්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 03 වැනිදා තෙවැනි එක්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී .

නොවැම්බර් 06 වැනිදා සිව්වැනි එක්දින තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 09 වැනිදා පස්වැනි එක්දින තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම.

කමිල් මිශාර, නවෝද් පරණවිතාන, දිනෙත් ජයකොඩි, නිපුන් ධනංජය (නායක), සොනාල් දිනූෂා, මොහොමඩ් ෂම්සා, ජනිත් පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සඳුන් මෙන්ඩිස්, වී. කාන්තන්, ඒ. දිල්හාර, සී. කළිඳු, රොහාන් සංජය, සී. විජේසිංහ, නවීන් ප්‍රනාන්දු, අෂේන් ඩැනියෙල්

අතිරේක - එම්. සී. ප්‍රේමදාස, ප්‍රවීන් ද සිල්වා, ආර්. ඩි. සිල්වා, අවිශ්ක තරිඳු.

මාතෘකා