ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි එක්දින තරගය හෙට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි එක්දින තරගය හෙට

අයහපත් කාලගුණයෙන් ආරක්ෂාවට අතිරේක දවසක් සූදානම්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට (13) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වේ. දිවා රාත්‍රී තරගයක් වශයෙන් මෙම තරගය පැවැත්වීමට නියමිත අතර බොහෝ දුරට පෙරේදා තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම්ම හෙට තරගයටත් ක්‍රීඩා කරනු ඇතැයි දඹුල්ලෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තරගය වෙනුවෙන් අතිරේක දිනයක්ද යෙදවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කර තිබේ. පළමු එක්දින තරගයේ කාසියේ වාසිය අත්කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව ලකුණු රැස් කිරීම සඳහා පිටියට පිවිසෙන ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායමට පෙරේදා ආරාධනය කළේය. අයහපත් කාලගුණය හේතුවෙන් තරගය අතහැර දැමීමෙන් අනතුරුව එංංගලන්ත නායක ඉයන් මෝගන් ප්‍රකාශ කළේ, තරගාවලියේ පළමු තරගය මේ ආකාරයෙන් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම කනගාටුදායක බවයි. ‘අපිට එක පුහුණු තරගයකට විතරයි ක්‍රීඩා කරන්න අවස්ථාව උදාවුණේ. එතැනදිත් අයහපත් කාලගුණය බලපෑම් කළා. තරගාවලිය තුළට ඇතුළුවීමට අපිට වැඩි වශයෙන් ක්‍රීඩා කර අත්දැකීම් ලබාගැනීමට අවශ්‍යයි’ යනුවෙනි.

පසුගිය වතාවේ ශ්‍රී ලංකාවේ සංචාරය කළේ් මීට ප්‍රමාදවී බැව් පැවසූ එංගලන්ත නායකයා කඩිනමින් කාලගුණය යථා තත්ත්වයට හැරෙනු ඇතැයි විශ්වාසය පළකළේය.

මාතෘකා

ජනප්‍රිය ලිපි