ශ්‍රී ලංකා - මැලේසියා පාපන්දු තරගය අද සුගතදාස පිටියේදී

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - මැලේසියා පාපන්දු තරගය අද සුගතදාස පිටියේදී

ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර පැවැත්වෙන සුහද පාපන්දු තරගය අද (12) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පාපන්දු සම්මේලනය සඳහන් කළේ අද පස්වරු 6.45 ට තරගය ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි. මේ සඳහා කාලගුණික බාධා සිදුනොවනු ඇතැයි විශ්වාස කරන බව සභාපති අනුර ද සිල්වා මහතා රැසට පැවැසීය.

ඔහු තවදුරටත් සඳහන් කළේ පසුගිය සාෆ් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැක්වූ දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණින් මෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරග සුහද තරගාවලි වශයෙන් සංවිධානය කිරීමට සම්මේලනය සැලසුම් කර ඇති බවයි. එමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පාපන්දු දක්ෂතා තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාව උදාවන බව ප්‍රකාශ කළ ඒ මහතා එමගින් ලෝක පාපන්දු ශ්‍රේණි සටහනේ ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බවද ඔහු පැවසීය.

පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ අවගමනයට වැඩිවශයෙන් ඉවහල් වූයේ ජාත්‍යන්තර තරග නොමැතිවීම බව ප්‍රකාශ කළ පාපන්දු සභාපතිවරයා ඉදිරියේදී එම තත්ත්වයට පිළියමක් වශයෙන් මේ ආකාරයෙන් විදේශීය අත්දැකීම් වැඩිවශයෙන් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිකරදෙන බවද ප්‍රකාශ කළේය.

ඒ අනුව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 171 වැනි ස්ථානයේ පසුවන මලයාසියාව සමග තරගයෙන් පසුව මෙම වසරේ නොවැම්බර් මාසයේදී මොංගෝලියාව සමග තරගයක් පැවැත්වීමටද කටයුතු සූදානම්කරමින් පවතින බවද සභාපතිවරයා පැවසීය. මොංගෝලියාව ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 186 වැනි ස්ථානයේය.

මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 199 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රේණි සටහනේ ඉදිරියෙන් සිටින රටවල් සමග තරග කර ජයග්‍රහණය කිරීම අවශ්‍ය වන හෙයින් මේ ආකාරයෙන් තරගාවලි සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවද පාපන්දු සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේය.

මැලේසියානු පාපන්දු කණ්ඩායම

මොහොමඩ් හසීක් නඩ්ස්ලි, මැතිව් ඩේවිස්, ෂාරුල් මොඩ් ෂාඩ්, ෆාස්ලි මෂ්ලාන්, ඇම් නොර් අෂ්ලින්, මොහඩ් නොර් හකීම් හසන්, මොහොමඩ් අක්යාර් අබ්දුල් රසීඩ්, මොහොමඩ් ෂාක් අදා අබ්ඩ් රසාක්(නායක), නොර්ෂරුල්ලාදාන් තලාහ්, මහමුද් ෂාරෙල් ෆික්රි, මහමෝද් සුමාරේ, අමිරුල් අෂාන් අෂ්නාන්, මොහොමඩ් ෂයිමර් කුට්ටි අබ්බා, කෙනී පාලරාජ් දේවගරි, මොහොඩ් සේෂවාන් ෂැනියොන්, මොහොමද් ඉර්ෆාන් ෂකාරියා, මහාලි ජාසිලු, මොහොඩ් ෂයාෂ්වාන් ඇන්ඩික් මොහඩ් ඉෂාක්, කහිරු ෆාමි චේ මාට්, මොහොමඩ් හෆිසුල් හකීම් කාරියුල්.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම

සුභාෂ් මධුෂාන්(නායක), යෝගෙන්ද්‍රන් ඩක්සන් පුස්ලාස්, අනුරුද්ධ වරකාගොඩ, ජූඩ් සුපාන්, චරිත් රත්නායක, නිකොලස් හර්ෂ ප්‍රනාන්දු, උදය කීර්ති කුමාර, සජිත් කුමාර මෙන්ඩිස්, මොහොමඩ් රිෆ්නාස්, එම්.එන්.අෆීල් මොහොමඩ්, ඒ. රහමන්, මාරියාතස් නිත්රාසන්, කවිඳු ඉෂාන්, සසංග දිල්හාර ජයසේකර, දිලාන් කෞෂල්‍ය ද සිල්වා, එම්.එම්.එම්. මුෂ්ටාක්, ජීවන්ත ප්‍රනාන්දු, නෂීර් මොහොමඩ් ෆසාල්, අසේල මධුශාන්, ශබීර්, රෂූනියා, රසීක් රිෂාඩ්, සුජාන් පෙරේරා, ධනුෂ්ක රාජපක්ෂ.

සුනිල් සෙනවීර (කණ්ඩායම් කළමනාකරු), නිශාම් පකීර්අලි (පුහුණුකරු), චිකාසි සුසුකි(තාක්ෂික පුහුණුකරු), සම්පත් බණ්ඩාර(දැල් රකින පුහුණුකරු),බිෂිත් මුයිෂීන් (භෞත චිකිත්සක), ජුම්පෙයි කවගුචි(භාෂා පරිවර්තක)

[ඩබ්ලිව්. ආර්. කුමාර]


කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලිය හෙට සහ අනිද්දා

කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස සැලකෙන අයි සහ ඩී දීපව්‍යාප්ත මේස පන්දු තරගාවලිය හෙට (13) සහ අනිද්දා(14) ගල්කිස්ස ශාස්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙයි.

අවුරුදු 10, 12,15,18 න් පහළ ඒකල බාලක හා බාලිකා මේස පන්දු තරගත් අවුරුදු 18න් පහළ බාලක, බාලිකා යුගල හා මිශ්‍ර තරග ඉසව් පැවැත්වීමට නියමිතය.

මාතෘකා