ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය

 ඡායාරූපය:

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය

තෙවැනි අදියර ඔක්තෝබර් 13 සහ 14 කොළඹදී

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර එළඹෙන 13 වැනිදා සහ 14 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග වදින්නේ හොංකොං, චීනය සහ චීන තායිපේ කණ්ඩායම් සමගය. ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ ජපානය, දකුණු කොරියාව, පිලිපීනය සහ මැලේසියාවයි.

කාන්තා තරගාවලියේදී ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් ජපානය, හොංකොං සහ දකුණු කොරියාව සමග තරග වදින අතර බී කාණ්ඩයෙන් කසකස්ථානය, චීනය, තායිලන්තය සහ සිංගප්පූරුව තරගාවලියට එක්වේ.

අවසානයට දකුණු කොරියාවේදී පැවැති දෙවැනි අදියරේදී ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම පසු බැසීමකට ලක්වූ අතර පළමු අදියරේදී පළඟ ශූරතාව හිමිකර ගනු ලැබිණි. කාන්තා කණ්ඩායම අදියර දෙකේදීම පළඟ ශූරතාව දිනාගැනීමට සමත්විය.

අවසන් අදියර සඳහා එක් වන ශ්‍රී ලංකා පිරිමි රග්බි සංචිතය

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ධනුෂ්ක රන්ජන්, ධනුෂ්ක දයාන්, ගයාන් වීරරත්න, රිසා රෆයිඩීන්, සුදම් සූරියආරච්චි, කෙවින් ඩික්සන්, අදීෂ වීරතුංග, කවිදු පෙරේරා, ඔමල්ක ගුණරත්න, නවීන් හේනකන්කානම්ගේ සහ දිනුක් අමරසිංහ

මාතෘකා