සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය

දේවපතිරාජයේ සුධීර සහ ජීවකගෙන් ලකුණු 252ක සබඳතාවයක්

රත්ගම දේවපතිරාජ සහ මාතර රාහුල විද්‍යාල අතර පැවැති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයකදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සුධීර වීරරත්න සහ ජීවක ශෂේන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 252ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ. එහිදී සුධීර වීරරත්න ලකුණු 133ක්ද ජීවක ශෂේන් නොදැවී ලකුණු 124ක්ද රැස් කළහ. මේ අතර මත්තේගොඩදී පැවැති කෝට්ටේ ජනාධිපති සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල අතර තරගයේදී ඉනිම් දෙකේදීම ජනාධිපති විද්‍යාල කණ්ඩායමේ කඩුලු 10ක බිඳ දැමීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ චමත් යටවර සමත් විය.

ලකුණු සාරාංශය

ඩී. එස්. සේනානායක - කෝට්ටේ ජනාධිපති

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම 120 (ඉරංග හෂාන් 44, චමත් යටවර 7/31, මුදිත ලක්ෂාන් 2/14)

සහ දෙවැනි ඉනිම ) 115/4 (තෂික නිර්මල 43, ඩරංග හෂාන් නොදැවී 43, චමත් යටවර 3/29)

ඩී. එස්. සේනානායක පළමු ඉනිම 209

(අමිත දාබරේ 64, පසිඳු ආදිත්‍ය 42, සඳරු වික්‍රමරත්න 23, තෂික නිර්මාල් 4/53, දිනිත් නෙළුම්දෙණිය 3/41)

මාතර රාහුල - රත්ගම දේවපතිරාජ

මාතර රාහුල පළමු ඉනිම 230/9 (සහන් බණ්ඩාර 59, බිනර සංභේත් 39, පැතුම් මධුශංක 3/51, සුධීර වීරරත්න 2/17, ඉරුෂ්ක තිමිර 2/46)

රත්ගම දේවපතිරාජ පළමු ඉනිම 307/3 (සුධීර වීරරත්න 133, ජීවක ශෂීන් නොදැවී 124, ඉරුෂ්ක තිමිර 25)

මාතෘකා