17 වසරකට පසු සිම්බාබ්වේ පිළට ටෙස්ට් ජයක්

 ඡායාරූපය:

17 වසරකට පසු සිම්බාබ්වේ පිළට ටෙස්ට් ජයක්

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග සිල්හෙට්හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 151ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ඒ අනුව වසර 17 කට පසු සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව එය විය.

පළමු ඉනිම වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 282ක් රැස් කළේය. අනෙක් ඉනිම් තුනේදීම කණ්ඩායම් දෙකටම ලකුණු 200 සීමාවට ළඟා වීමට නොහැකි වීම කැපී පෙණිනි. සිම්බාබ්වේ පළමු ඉනිම වෙනුවෙන් සීන් විලියම්ස් ලකුණු 88ක් රැස් කළ අතර ඔහු තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ පළමු ඉනිම (සියලු දෙනා දැවී) 282 (සීන් විලියම්ස් 88, පීටර් මුවර් නොදැවී 63, හැමිල්ටන් මසකඩ්සා 52, තයිජුල් ඉස්ලාම් 6/108)

බංග්ලාදේශය පළමු ඉනිම (සියලු දෙනාම දැවී) 143 (අරිෆුල් හක් නොදැවී 41, මුෂ්ෆිකර් රහීම් 31, ටෙන්ඩයි චතාරා 3/19, සිකන්දර් රාසා 3/35)

සිම්බාබ්වේ දෙවැනි ඉනිම (සියලු දෙනාම දැවී) 181 (හැමිල්ටන් මසකඩ්සා 48, සිකන්දර් රාසා 25, බ්‍රෙන්ඩන් ටේලර් 24, තයිජුල් ඉස්ලාම් 5/62, මෙහෙදි හසන් 3/48)

බංග්ලාදේශ දෙවැනි ඉනිම (සියලු දෙනාම දැවී) 169 (ඉම්රුල් කයීස් 43, අරිෆුල් හක් 38, ලිටන් දාස් 23, බ්‍රැන්ඩන් මවුටා 4/21, සිකන්දර් රාසා 3/41)

මාතෘකා