යොවුන් එක්දින තරගයට කාලගුණය හරස් වෙයි

 ඡායාරූපය:

යොවුන් එක්දින තරගයට කාලගුණය හරස් වෙයි

සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැති සිව්වෙනි එක්දින පන්දුවාර තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.

අයහපත් කාළගුණය හේතුවෙන් පන්දුවාර 22ක තරගයක් ලෙස පැවැති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 8.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 34ක් ලබා ගෙන සිටියේය.

මෙම තරගයද ජය පැරදුමින් තොරව අවසන් වූ බැවින් තරගාවලිය තවමත් පවතින්නේ 1-1ක් ලෙස දෙපිලම තරගය බැගින් ජය ගෙනය.

මාතෘකා