තිසර ලෝක පිල සමඟ අද ලෝඩ්ස් පිටියේ

 ඡායාරූපය:

තිසර ලෝක පිල සමඟ අද ලෝඩ්ස් පිටියේ

තිසර පෙරේරා ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ අද එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වදී. සහීඩ් ඇෆ්රිඩිගේ නායකත්වය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් උපයා ගනු ලබන මුදල් සුළිසුළඟින් හානියට පත් ජනතාව වෙනුවෙන් ප්‍රදානයට කිරීමට නියමිතය. ඇෆ්රිඩිට මෙම ලෝක කණ්ඩායමේ නායකත්වය පිරිනමා ඇත්තේ එංගලන්ත ක්‍රීඩක ඉයන් මෝගන් ආබාධයක් හේතුවෙන් තරගයට සහභාගි නොවීමත් සමඟිනි. ඇඟිල්ලක සිදුව ඇති පිපිරීමක් හේතුවෙන් ඔහු මෙම තරගයට එක් නොවන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. අද පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කරන ලෝක කණ්ඩායමට සහීඩ් ඇෆ්රිඩි, සෑම් බිලින්ග්ස්, සැම් කුරාන්, තමීම් ඉක්බාල්, මිචෙල් මැක්ලෙන්ගෑන්, ටයිමල් මිල්ස්, තිසර පෙරේරා, අඩිල් රසීඩ්, මොහොමඩ් සැමී, ලියුක් රොන්චි, ඇන්ඩි ෆ්ලවර්( පුහුණුකරු)

බටහිර ඉන්දීය කොදෙව් පිල- කාලොස් බ්‍රැත්වයිට(නායක), සැමුවෙල් බැඩ්‍රි, රියාද් එම්රිට්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, ඈස්ලි නර්ස්, කෙමෝ පෝල්, රොව්මැන් පවෙල්, දෙනේෂ් රැම්ඩීන්, ඇන්ඩෘ රසල්, මාලන් සැමුවෙල්ස්, කෙස්රික් විලියම්ස්, ස්ටුවර්ට් ලෝ (පුහුණුකරු)

මාතෘකා