සන්ඩේ ඔබ්සවර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තරගයේ ජයග්‍රාහකයන් තෝරයි

 ඡායාරූපය:

සන්ඩේ ඔබ්සවර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තරගයේ ජයග්‍රාහකයන් තෝරයි

‘සන්ඩේ ඔබ්සවර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා - 2018 සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කීර්තිමත් විනිසුරු මණ්ඩලයක් විසින් අදාළ ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුකළේය. සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහක ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, නලීන් පෙරේරා මහතා සහ සම්මාන උළෙලේ සංවිධායකයන් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාද (ලේක් හවුස්) මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉදිරිපෙළ (වමේ සිට) කපිල ජයලත් (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති), නිහාල් ප්‍රනාන්දු (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ භාණ්ඩාගාරික), ජී. ඩබ්ලිව්. ජගත් සේනාරත්න (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති), ඩිල්ෂාන් ද සිල්වා (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්), නලීන් පෙරේරා (මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී), ක්‍රිෂාන්ත කුරේ (සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති), ඔෂාර පණ්ඩිතරත්න (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පති), ජයන්ත සෙනෙවිරත්න (අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක), රෝහිත ඩී. කොට්ටච්ච් (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ ලේකම්), කාල්ටන් බර්නාඩස් (අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක්‍රිකට් මෙහෙයුම් කළමනාකරු)

පසුපෙළ (වමේ සිට) සමන් මොහාන් ද සිල්වා (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය), ලීලානන්ද කුමාරසිරි (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය), සමන් හෙට්ටිආරච්චි (තේරීම් කමිටු සභාපති), කුමාර ගම්හේවා (බැට්ස්මන් වෙබ් අඩවිය), ඩී. එම්. එම්. ඒ. ඩී. දිසානායක (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය), එම්. ආර්. ඩබ්ලිව්. සී. එස්. ජයසේන (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය), තුවාන් තාසිම් හාතිම් ජන්කීර් , චම්පිකා වීරතුංග (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය), ජේ. ඒ. කේ. එස්. ඉන්ද්‍රජිත් (ශ්‍රී ලංකාපාසල් ක්‍රිකට් සංගමයේ අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම්) ඡායාරූපයේ නොමැත.

මාතෘකා