ප්‍රකට තරඟ පාවාදීම්

 ඡායාරූපය:

ප්‍රකට තරඟ පාවාදීම්

ක්‍රිකට් ක්‍රීඩාය මුළු ලෝකයම හඳුනාගෙන ඇත්තේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ යන නමිනි. නමුත් පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැවති මහත්මා ගතිය මුදලට යටවී ඇති අයුරු අල් ජසීරා නාලිකාව විසින් වාර්තා වැඩසටහනක් ඔස්සේ ලෝකයට හෙළිදරුව් කළේය. ඒ හෙළිදරුව්වත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේ කළු පැල්ලමක් සටහන් විය. ලංකාවේ අපිට මෙය අලුත් දෙයක් වුවත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ පැවති විශ්වාසයට කැළැල් ඇති කළ තරඟ පාවාදීමේ චෝදනා ලත් ජනප්‍රියම ක්‍රීඩකයෝ 5දෙනෙකු පිළිබඳ සටහනකි මෙය.

1. මොහොමඩ් අසරුදීන්

මොහොමඩ් අසරුදීන් යනු ඉන්දීය කණ්ඩායමෙන් බිහිවුන දක්ෂතම පිතිකරුවෙකි. ඒ වගේම දශකයකට ආසන්න කාලයක් ඉන්දීය කණ්ඩායමේ නායකයාය. කීර්තිමත් ක්‍රිකට් ජීවිතයේ අවසාන අදියරේදී එනම්, 2000 වර්ෂයේදී ඔහුට තරඟ පාවාදීමේ චෝදනා එල්ල වේ. මේ වෙනකොටත් බුකීකරුවන්ගෙන් සමඟ තරඟ පාවා දුන්බවට චෝදනා ලැබූ හිටපු දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රොන්යේ හරහා ට අසරුදීන් මේ වරදට හසුවන්නේ.

2. හැන්සි ක්‍රොන්යෙ

ක්‍රොන්යේට විසින් 1995දී නායකයා වශයෙන් කටයුතු කරන්න පටන් ගත් අවධියේ සිට 2000 වසරේදී මේ චෝදනා එළිදරවු වෙන කාලය අතරතුර ක්‍රොන්යේ තරඟ පාවා දීමට ලබාගෙන ඇති මුදල, අමෙරිකානු ඩොලර් 100,000ක් පමණ වේ. ඒ හරහා බුකීකරුවන් එක්ක සහයෝගෙන් කටයුතු කරපු ක්‍රීඩකයො සෑහෙන පිරිසකගෙ නම් හෙළිදරුව්වෙන්න පටන් ගත්තා. මේ පරීක්ෂණ අතරතුර 2002 වසරේදී ගුවන් අනතුරකින් නොසිතූ ලෙසට කොන්යෙ ජීවිතක්ෂයට පත්වෙනවා

3. අජේ ජඩේජා

ඉන්දීය කණ්ඩායමේ හිටපු කැපීපෙනෙන ක්‍රීඩකයෙක් වූ අජේ ජඩේජා වර්තමානයේ නම් ප්‍රසිද්ධ ක්‍රිකට් විචාරකයෙක්. 2000 වර්ෂයේදී තරඟ පාවාදීමේ චෝදනාවට අජේ ජඩේජාවත් හසු වෙනව. නායක මොහොමඩ් අසරුදීන්ගේ උපදෙස් ඇතිව තරඟ පාවාදීම්වලට හවුල් උන බවට ජඩේජාට චෝදනා එල්ල වෙනවා. මීට අමතරව කුප්‍රකට බුකීකරුවන් කිහිප දෙනෙක් සමඟම ජඩේජාගෙ ළඟ ඇසුරක් තිබුණ බවට එසමයේ පුවත් පළ වුණා. මේ නිසා ඔහුට වසර 5ක් ක්‍රිකට් තහනමට ලක් වීමට සිදුවේ.

4. සලීම් මලික්

පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු වූ සලීම් මලික් 1990 දශකයේදී පාකිස්ථාන කණ්ඩායමේ කළ හැකි ක්‍රීඩකයෙක් ලෙස සලීම් මලික් ලෝකය පුරා ප්‍රසිද්ධයි. සලීම් මලික්ට මුලින්ම තරඟ පාවාදීමේ චෝදනාව එල්ල වූයේ හිටපු 1995 වර්ෂයේදී පකිස්ථාන කඩුලු රකින්නෙක් වූ රශීඩ් ලතීෆ් හරහාය. 1999දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න මලික්ට ඊට වසරකට පසු ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් හිමි වෙනවා. දිගු කාලයක් තිස්සේ තරඟ රැසක් මුදල් උදෙසා පාවා දුන් බවට සලීම් මලික්ට එල්ලවන චෝදනාවයි. මේ අතර තරඟ පාවාදීම් රැසක් සම්බන්ධයෙන් සලීම් මලික් විසින් කරුණු හෙලි කරන රහසිගත වීඩියෝවක් පවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂකයො අතට පත් වී තිබෙනවා.

5. හර්ෂල් ගිබ්ස්

ලෝකයේ හිටපු ජනප්‍රියම ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වෙච්ච දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂල් ගිබ්ස් මාස 6ක තරඟ තහනමකට ලක් වීමට සිදු වන්නේ තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිසාය. ඒ හැන්සි ක්‍රොන්යේගේ උපදෙස් යටතේ ඩොලර් 15,000ක මුදලකට, ලකුණු 20ට අඩුවෙන් දැවී යන්න පොරොන්දු වීම නිසාය. ලකුණු 20කට අඩුවෙන් දැවී යන පොරොන්දුව පිට ගියත් අවසානයේදී පන්දු 53 කට ලකුණු 74ක් ලබාගැනීමට ඔහු සමත් වේ. නමුත් පොරොන්දු වූ ආකාරයට තරඟය පාවා නොදුන්නත් ගිබ්ස්ට මාස 6ක ක්‍රිකට් තහනමකට ලක්වීමට සිදුවේ.

මාතෘකා

ජනප්‍රිය ලිපි