කුසල් ජනිත්ගේ තත්ත්වය යහපත් කළමනාකරු අසංක ගුරුසිංහ කියයි

 ඡායාරූපය:

කුසල් ජනිත්ගේ තත්ත්වය යහපත් කළමනාකරු අසංක ගුරුසිංහ කියයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පෙරේදා බාබෙඩෝස්හි කෙන්සිග්ටන් පිටියේ පන්දුවක් රැකීමට ගොස් මුහුණ දුන් අනතුරෙන් සුවය ලබා ඇතැයි කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේය.

‘ඔහුට විශාල හානියක් සිද්ධ වෙලා නැහැ. නමුත් ඔහු තරගයට ක්‍රීඩා කරන්නෙ කොහොමද කියන එක සොයා බලනවා. එ් අනුව තමයි ඔහු පන්දුවට පහර දෙනවද නැද්ද යන්න ගැන තීරණය කරන්නෙ’ යැයි කළමනාකරු ප්‍රකාශ කර ඇත.

තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ කොදෙව් දෙවැනි ඉනිමේ දිවා ආහාරයට ප්‍රථම කොදෙව් පිතිකරුවකු විසින් එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙස රැකගැනීමට උත්සහ කිරීමේදී කුසල් ජනිත් අනතුරකට ලක්විය. ඔහු ලෝන්ග් ඔන් කලාපයේ ඒ වනවිට පන්දු රකිමින් සිටි අතර දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට ෂැනොන් ගේබ්රිල් එල්ල කළ පහරක් මෙලෙස උඩපන්දුවක් වශයෙන් රැකගැනීමට උත්සහ කළේය. එහෙත් සිය වේගය සහ සමතුලිත භාවය පාලනය කරගත නොහැකිව දැන්වීම් පුවරුවක් මත වැටී පිටියෙන් ඉවතට පෙරළී ගියේය. මේ අනතුරෙන් ඔහුගේ පපුව ප්‍රදේශය ආශ්‍රිතව තැලීමක් සිදුවුණේයැයි පැවසීමත් සමඟ පිටියට පැමිණි ගිලන් රථයක් යොදා ගනිමින් ඔහු රෝහල් ගතකර ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරනු ලැබිණි.

මාතෘකා