රුසියාවේ දිගහැරෙන මහා පාපන්දු සටන් බිමේ සැබෑ පෙරළිකරුවෝ

 ඡායාරූපය:

රුසියාවේ දිගහැරෙන මහා පාපන්දු සටන් බිමේ සැබෑ පෙරළිකරුවෝ

සෙනගාල්

තමන් සහභාගී වූ පළමු තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට 2002 තරගාවලියේ දී සමත් වීමෙන් පසුව ප්‍රථම වතාවට මෙවර සෙනගාල් කණ්ඩායම ලෝක පාපන්දු ශූරතාවයක් සඳහා සහභාගී වේ. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 42හැවිරිදි නායක අලියුස් සිසේ ය. ඔහු 2002 වසරේ ලෝක කුසලානය නියෝජනය කළ සෙනගාල් කණ්ඩායමේ නායකයයා.

අප්‍රිකානු කලාපයේ ‘ඩී ’ කොටසේ ශූරයින් ලෙස ඔවුහු මෙවර තරගාවලියට එක්ව සිටී. ශ්‍රේණිගත කිරීම්හි 27 වැනි ස්ථානයේ පසුවන සෙනගාලය මෙවරත් පෙරළිකාර කණ්ඩායමක් විය හැකි බවට දැනටමත් මත නිර්මාණය කර අවසන්ය.

එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායමට ක්‍රීඩා කරන 26 හැවිරිදි සෙනගාල් පාපන්දු තරුව සාඩියෝ මානේ සමග 23 හැවිරිදි ප්‍රහාරකයින් දෙපල වන ම්බයේ නියන්ග් සහ කෙයිටා බල්ඩේ සිය ජාතික ධජය රුසියාවේ ක්‍රීඩාංගණවල ලෙළ දීමට ගෝල් රැස්කරනු ඇතැයි සෙනගාල වැසියන් ගේ බලාපොරොත්තුවයි.

නායක චෙයික්හු කොයියේටේ පිටියේදී තීරණාත්මක ක්‍රීඩකයා ලෙස ක්‍රියාත්මකවේ. සෙනගාල කණ්ඩායමේ පිටියේ සැකැස්ම වන්නේ පසු පෙළ -4, මැද පෙළ -3 සහ පෙර පෙළ -3 ලෙසිනි. ඔවුන්ට කුසලානය හිමිවීමේ සම්භාවිතාව 150/1කි.

 

‘එච්’ කාණ්ඩයේ සෙනගාලය සහභාගිවන පළමු වටයේ තරග

ජුනි 19 පෝලන්තය

ජුනි 24 ජපානය

ජුනි 28 කොලොම්බියාව


ක්‍රොඑෂියාව

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 20වැනි ස්ථානයේ සිටින ක්‍රොඒෂියාව යුරෝපා කලාපයේ ‘අයි’ කාණ්ඩයේ ශූරයින්වූ අයිස්ලන්තයට දෙවැනි වෙමින් විසි එක් වැනි පාපන්දු ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

1998 වසරේ ප්‍රංශයේ පැවති තරගාවලිය ඔවුන්ගේ පළමු ලෝක ශූරතා සටන වූ අතර එහිදී 3වැනි ස්ථානය ලබා ගැනීම ‍ක්‍රොඑ්ෂියාවේ ඉහළම පාපන්දු දස්කමයි.

මෙවර සුදුසුකම් ලැබීමේ තරගයට දින දෙකකට කලින් වැඩ බාරගත් පුහුණුකරු ස්ලැට්කෝ ඩැලික් සිතන්නේ තම කණ්ඩායම පහසුවෙන් පළමු වටය තරණය කරන බවයි.

ක්‍රොඑ්ෂියා පාපන්දු තරුව වන නායක ලුකා මොඩ්රික් ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රීඩ් කණ්ඩායමේ ද ප්‍රබල ක්‍රීඩකයෙකි. ඔහු තරග 106ක් වෙනුවෙන් තම රට නියෝජනය කර ඇත. මොඩ්රික් සමග මැද පෙළ ශක්තිමත් කරන ඉවාන් රැකිටික් බාසිලෝනා කණ්ඩායමෙන් එක්වේ.

ප්‍රධාන ප්‍රහාරක 32 හැවිරිදි මාරියෝ මැන්ඩ්සුකික් තරග 83 කදී ගෝල් 30ක් රැස් කරගෙන සිටී. අනෙක් ප්‍රධාන ප්‍රහාරකයා වන්නේ ඉතාලි මිලාන් පිලේ නිකොලා ක්ලිනික් ය ඔහු තරග ගෝල් 15ක් ලබා ගෙන ඇත්තේ තරග 41කදීය.

ක්‍රොඑ්ෂියා පිලේ පිටියේ පෙළ ගැස්ම වන්නේ 4-2-3-1 ලෙසය

තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ගේ හැකියාව 25/1කි.

‘ඩී ’ කාණ්ඩයේ ක්‍රොඑ්ෂියාවේ පළමු වටයේ තරග

ජුනි 16 නයිජීරියාව

ජුනි 21 ආර්ජන්ටිනාව

ජුනි 26 අයිස්ලන්තය

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා