අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය බස්නාහිර පළාත් කණ්ඩායම් ද්විත්වයෙන් ඉහළ දස්කම්

 ඡායාරූපය:

අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය බස්නාහිර පළාත් කණ්ඩායම් ද්විත්වයෙන් ඉහළ දස්කම්

අන්තර් පළාත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ බී කාණ්ඩයෙන් තරග වැදුණු බස්නාහිර මධ්‍යම කණ්ඩායම ලකුණු 275කින් හා බස්නාහි පළාත් දකුණු කණ්ඩායම ලකුණු 232කින් ජයගැනීමට සමත් වූහ.

බස්නාහිර මධ්‍යම කණ්ඩායම හා නැගෙනහිර කණ්ඩායම

කොළඹ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවැති බස්නාහිර මධ්‍යම කණ්ඩායම හා නැගෙනහිර කණ්ඩායම අතර තරගයෙන් කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවාර 47කට සීමාවූ ඉනිමේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 321ක් රැස් කිරීමට ඔවුන් සමත්විය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පසිඳු සූරියබණ්ඩාර ලකුණු 134ක් රැස්කළ අතර සොනාල් දිනූෂ හා කමිල් මිෂාර අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැගෙනහිර පළාත් කණ්ඩායම ලකුණු 46කට දැවී ගියේය.

ලකුණු සාරාංශය

බස්නාහිර මධ්‍යයම කණ්ඩායම 321/6

(පසිඳු සූරියබණ්ඩාර 134, සොනාල් දිනූෂ 71, කමිල මිෂාරා 52, තේවා දිලක්ෂණ 2/44)

නැගෙනහිර පළාත - (පන්දුවාර 18.1කදී) 46

( පසිඳු දිල්හාර 21, කලණ පෙරේරා 4/19, ලක්ෂිත රසංජන 2/04, චමිඳු විජේසිංහ 2/13)

බස්නාහිර දකුණ හා ඌව පළාත

හලාවත, මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බස්නාහිර දකුණ සහ ඌව පළාත අතර තරගයේදී බස්නාහිර දකුණ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 326ක් රැස් කළ අතර කණ්ඩායම වෙනුවෙන් නිශාන් ප්‍රනාන්දු ශතකයකින් හා නුවනිදු ප්‍රනාන්දු අර්ධ ශතකයකින් දායක වූහ. පිළිතුරු වශයෙන් ඌව කණ්ඩායමට පන්දුවාර 29.1 කදී සියලු දෙනා දැවී රැස්කරග හැකිවූයේ ලකුණු 94ක් පමණි.

ලකුණු සාරාංශය

බස්නාහිර දකුණ - 326/6

(නිශාන් ප්‍රනාන්දු 113, නුවනිඳු ප්‍රනාන්දු 98, රවින්දු දර්ශන 3/62)

ඌව කණ්ඩායම (පන්දුවාර 29.1 කදී) 94

( රවිඳු දර්ශන 36, රොහාන් සංජය 3/09, අවිශ්ක ලක්ෂාන් 3/09)

මාතෘකා