දසුන් හා ධනුෂ්ක බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත

 ඡායාරූපය:

දසුන් හා ධනුෂ්ක බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත

ඇන්ජලෝ මැතිව්ස් පුද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් විවේක ගැනීමට තීරණය කර ඇති හෙයින් හා ළහිරු ගමගේ පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ ඇඟිල්ලක සිදුව ඇති පිපිරීමක් හේතුවෙන් ඔවුන් යළි සිය රට පැමිණීමට නියමිතව තිබුණේය. ෂැනොන් ග්‍රේබ්‍රියල්ගේ පන්දුවක් ඇඟිල්ලක වැදීමෙන් මෙම අස්ථි බිඳීම සිදුව තිබූ අතර ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි ටෙස්ට් තරගය සඳහාද යළි සහභාගි නොවන බව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සඳහන් කළේය.

මේ හේතුවෙන් පුරප්පාඩුවන ස්ථාන සඳහා දසුන් ශානක සහ දනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ඊයේ රාත්‍රියේ පිටත්වයාමට නියමිතව තිබුණේය. දසුන් ශානක ශ්‍රී ලංකා ඒ පිලේ බංග්ලාදේශ සංචාරය සඳහා නම්කර තිබූ අතර එහි උපනායකයා වශයෙන් තෝරාගැනීමටද මීට පෙර තේරීම් කමිටුව කටයුතු කර තිබිණි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?