රුසියාවේ සටන් වදින්නට සැරසෙන අප්‍රිකාවේ ටියුනීසියාව හා ආසියාවේ ජපානය

 ඡායාරූපය:

රුසියාවේ සටන් වදින්නට සැරසෙන අප්‍රිකාවේ ටියුනීසියාව හා ආසියාවේ ජපානය

ටියුනීසියාව

අප්‍රිකාවෙන් පැමිණෙන ප්‍රබලම පිලකි. අප්‍රිකානු කලාපයේ ‘ඒ’ කොටසේ ශූරයින් ලෙස රුසියාවට පැමිණීමට සමත්ව සිටී. ශ්‍රේණිගත කිරීම් අනුව 21වැනි ස්ථානයේ පසුවේ. ලෝක පාපන්දු තරගාවලියට ඔවුන් එක්වන 5වැනි අවස්ථාව මෙයයි. පළමු වරට ටියුනීසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් නියෝජනය කළේ 1978 වසරේදීය.

එකම තරගාවලියක හෝ පළමු වටයෙන් ඔබ්බට පැමිණීමට ඔවුන් අපොහොසත්වී තිබේ. 2004 වසරේ අප්‍රිකානු මහාද්වීපයේ ශූරයින් වූයේ ටියුනීසියාවය. වත්මන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 55 වියැති නබීල් මාලොවුල් ය.

ටියුනිසියානු පාපන්දු තරුව යූසෙෆ් මසාක්නි තරගාවලියට එක්වන්නේ බලාපොරොත්තු සහගතවය. එහි පෙරළියක් කිරීම ඔහුගේ ඉලක්කයකි. අලි මාලොවුල් සහ අල් අහ්ලි මගින් ප්‍රතිවාදීන් ආක්‍රමණය කිරීම පුහුණුකරුගේ බලාපොරොත්තුවයි.ඉතා දක්ෂ මැද පෙළ සමන්විත වන්නේ ෆෙර්ජානි සස්සි, අහමඩ් අමීන් බෙන් අමුර්, වහ්බි කස්රි, නයීම් ස්ලිටි සහ මැදගිලේනි චාලාලි ගෙනි.

ආරක්ෂක පෙළේ 4දෙනෙක් ඇතුළත්ව 4-2-3-1. ලෙස ක්‍රීඩා කරන අතර ටියුනීසියාවට ලෝක ශූරතාව ජයග්‍රහණය කිරිමේ හැකියාව 400/1ක් ලෙස සැලකෙයි.

‘ජී’ කොටසින් තරගවදින ටියුනීසියාවේ තරග සටහන

ජුනි 18 එංගලන්තය

ජුනි 23 බෙල්ජියම

ජුනි 28 පැනමාව


ජපානය

ආසියානු කලාපයේ ‘බී’ කාණ්ඩයේ ශූරයින් ලෙස තරගාවලියට සුදුසුකම් ලැබීමට ජපාන නිල් සමුරායිවරු සමත් වූහ. නමුත් පසුගිය මාස කිහිපය තුළදී ඔවුන් යම් පසුබෑමක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

1998 සිට පාපන්දු ලෝක ශූරතාවයට සහභාගීවන ජපානය මෙවර ඒ සඳහා එක්ව සිටින්නේ හයවැනි වරටය. 2002 සහ 2010 තරගාවලීන්හිදී 16දෙනාගේ වටයට පැමිණීම හොඳම දක්ෂතාවයයි. සිව්වතාවක් ආසියානු ශූරයින් බවට පත්වීමටද ඔවුන්ට හැකිවිය. ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 61වැනි ස්ථානයේය. එය 1992 දී 62වැනි ස්ථානයේ සිටියායින් පසු ඔවුන් ශ්‍රේණිගතව සිටින පහළම ස්ථානයයි.

63 හැවිරිදි පුහුණුකරු අකිර නිෂිනො මේ වසරේ වැඩ බාරගත් අතර සුපිරි තරුවන කෙයිසුකේ හොන්ඩා සහ ෂින්ජි කගවා කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඔහු පියවර ගත්තේය.

වර්තමානයේ ජපානයේ පාපන්දු වීරයාවන 29 හැවිරිදි මයා යොෂිඩා සවුත් හැම්ප්ටන් හි සිට කණ්ඩායම හා එක්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. ෂින්ජි ඔකාකි තරග 113 ගෝල් 50 ක් ලබා ගෙන සමුරායිවරුන්ගේ ප්‍රබලම ශක්තියක්වේ, නායක මකටෝ හසේබේ ගේ පළමු ඉලක්කය දෙවැනි වටයට පැමිණීමයි.

4-3-3 ලෙස පිටියේ පෙළ ගැසෙන ජපානයේ ලෝක කුසලාන ජයග්‍රාහී සම්භාවිතාවය 250/1.

‘එච්’ කාණ්ඩයට ඇතුළත් ජපානයේ පළමු වටයේ තරග සටහන

ජුනි 19 කොලොම්බියාව

ජුනි 24 සෙනගාලය

ජුනි 28 පෝලන්තය

 

 

මාතෘකා