විවාහය නිසා ලියැම් ප්ලන්කට් එංගලන්ත පිල සමඟ ශ්‍රී ලංකාවට නොඑන ලකුණු

 ඡායාරූපය:

විවාහය නිසා ලියැම් ප්ලන්කට් එංගලන්ත පිල සමඟ ශ්‍රී ලංකාවට නොඑන ලකුණු

එංගලන්ත කණ්ඩායමේ සුපිරි වේග පන්දු තරුවක් ලෙස සැලකෙන ලියෑම් ප්ලන්කට් ඔක්තෝබර් 13 වැනිදා විවාහ ප්‍රාප්තවීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් ඔහු එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට කණ්ඩායම සමඟ එක්වීම ගැටලුවක් නිර්මාණයවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. ඇමරිකානු ජාතික සිය සහකාරිය වන එමිලියා එර්බ් සමඟ විවාපත්වීම පිණිස ඔහු ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතවීම මීට හේතුවයි.

33 හැවිරිදි වේග පන්දුයවන්නකු වන ප්ලන්කට් එංගලන්ත කණ්ඩායමේ සිටින විශේෂඥ පන්දුයවන්නකු ලෙස සැලකෙයි. ප්‍රතිවාදී පිතිකරුවන් ඔහුගේ පන්දු හමුවේ ලකුණු ලබාගත්තද එංගලන්ත කණ්ඩායම දැන් දැන් ඔහු කෙරේ විශ්වාසය තබා ඇත. මේ අතර කණ්ඩායම් නායක ඉයන් මෝර්ගන් විසින් නැවත වරක් සිය විවාපත්වීමේ උත්සවය කල්දමා ඇති අතර ඊට ඉවහල්වී ඇත්තේද ශ්‍රී ලංකා තරගාවලි සංචාරයයි. ඔහු ඔස්ට්‍රේලියානු ජාතික සිය පෙම්වතිය සමඟ මීට පෙර විවාහවීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් මාසයේදීය.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ඔක්තෝබර් මස ආරම්භවීමට නියමිත අතර පළමු එක්දින තරගය එම මාසයේ 10 වැනිදා දිවා රාත්‍රී තරගයක් වශයෙන් දඹුල්ලේදී පැවැත්වීමට නියමිතව තිබේ. එක්දින තරග පහකින්, පන්දුවාර විස්සයි විස්ස තරගයකින් හා ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මාස එකහමාරකට අධික කාලයක් තිස්සේ දියත්වීමට නියමිතව ඇත.

මාතෘකා