පැනමා ඇල තරණය කර රුසියාවට එන පැනමාව හා සර්බියාව

 ඡායාරූපය:

පැනමා ඇල තරණය කර රුසියාවට එන පැනමාව හා සර්බියාව

පැනමාව

උතුරු සහ දකුණු ඇමරිකානු මහද්වීප වෙන් කරන සුප්‍රසිද්ධ පැනමා ඇළ හේතුවෙන් ප්‍රසිද්ධියට පත් පැනමාව ලෝක පාපන්දු ශූරතා තරගාවලියක් සඳහා එක්වන ප්‍රථම අවස්ථාව මෙයය. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 55වැනි ස්ථානය හොබවන පැනමාව රුසියාවට යාමට වරම් ලබාගත්තේ මධ්‍යම ඇමරිකානු සහ කැරිබියානු කලාපයෙන් ලැබෙන අවසාන ස්ථානය වන තුන්වැනි ස්ථානය හිමිකර ගනිමිනි.

තරග 144කට ක්‍රීඩාකර ඇති ගේබ්‍රියෙල් ගෝමෙස් පැනමාවේ වීරයෙකි. නායක පිලිපේ බලෝයි ද ගෝමෙස් මෙන්ම පැනමාවේ බලාපොරොත්තු ඉටුකිරීම සූදානම්න් පසුවේ.

ගේබ්‍රියෙල් ටොරෙස් සහ 37 හැවිරිදි බ්ලාස් පෙරෙස් ප්‍රබලම ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනායි. පෙරෙස් පැනමාවේ වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙකි. ඔහු නමට ගෝල් 43ක් ලියැවී ඇත.

මංගල ලෝක පාපන්දු තරගාවලියේදී 4-4-2 ලෙස ඔවුන්ගේ පිටියේ සැකැස්ම පිලියෙල කිරීමට පුහුණුකරු යර්නන් ඩාරියෝ ගෝමෙස්. පැනමාවේ ජයග්‍රාහී සම්භාවිතාවය 1000/1කි.

‘ජී ’කොටසේ පැනමා තරග සටහන

ජුනි 18 බෙල්ජියම

ජුනි 24 එංගලන්තය

ජුනි 28 ටියුනීසියාව


සර්බියාව

මැලන් ක්‍රැස්ටජික් ගේ පුහුණුව යටතේ රුසියාවට පැමිණෙන සර්බියවේ 12වැනි තරගාවලිය මෙයයි. 1930 තරගාවලියේ සිව්වෙන් ස්ථානය ලබා ගැනීම ඔවුන්ගේ ඉහළම දක්ෂතාවයයි. ශ්‍රේණිගත කිරීම් අනුව 34වැනි ස්ථානයේ පසුවන ඔවුන් මෙවර තරගාවලියට සුදුසුකම් ලැබුවේ යුරෝපානු ‘ඩී ’ කොටසේ ශූරයින් වශයෙනි.

සර්බියවේ ජනප්‍රියම ක්‍රීඩකයාවන නෙමන්ජා මැටික් එංගලන්ත මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේද ප්‍රබලයෙකි. දක්ෂ මැද පෙළ ක්‍රීඩකයෙක් වන සර්ජි මිලිනිකොවික් සිවික් මෙන්ම නායක ඇලෙක්සැන්ඩර් කොලරොව් කෙරෙහිද සර්බියානුවන් බලාපොරොත්තු දල්වා ගෙන සිටී. එංගලන්ත ලිවර්පූල් කණ්ඩායමේ 22 හැවිරිදි ප්‍රහාරක මාකෝ ගෘජික් සර්බියාවේ නැවුම් බලාපොරොත්තුවකි.

පළමු වටයේදී ප්‍රහාරකයින් තිදෙනෙකු සහිතව සර්බියාව 3-4-3 ලෙස පිටියේ තරග වැදීමට නියමිතය. ඔවුන්ගේ තරගාවලිය ජය ගැනීමේ සම්භාවිතාවය 150/1කි.

ඊ ෙකා ටසේ සර්බියානු පළමු වටයේ තරග පෙළ ගැස්ම

ජුනි 17 කොස්ටාරිකා

ජුනි 22 ස්විට්සර්ලන්තය

ජුනි 27 බ්‍රසීලය

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?