ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පසුබසිති

 ඡායාරූපය:

ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පසුබසිති

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ඊයේ පැවැති තරගයකදී ශ්‍රී ලංකාව ලකුණු 23කින් පාකිස්තානය හමුවේ පරාජය ලැබීය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කාන්තාවන්ට පැවරීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කටයුතු කළහ. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 136ක් රැස්කිරීමට පාකිස්තානය සමත්විණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට සමත්වූයේ ලකුණු 113ක් පමණි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් යශෝදා මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළ අතර නිපුනි හංසිකා ලකුණු 24ක් රැස්කළාය. සෙසු පිතිකාරිණියන් තමන්ගේ ඉනිම් සාර්ථක කරගැනීමට අපොහොසත්වීමත් සමඟ තරගයේ ජය පාකිස්තාන කණ්ඩායමට හිමිවිණි. මේ අනුව ප්‍රසාද ලකුණු සටහනට අනුව ලකුණු වේගය අනුව තවමත් ශ්‍රී ලංකාව ඉන්දියාවට පමණක් පිටුපසින් දෙවැනි ස්ථානයේ ශ්‍රේණිගතව සිටී.

ලකුණු සාරාංශය

පාකිස්තානය 136/4 (බිෂ්මා මාරූෆ් (නොදැවී) 60, නහීඩා ඛාන් 38, සුගන්ධිකා කුමාරි 2/18, නිලක්ෂි ද සිල්වා 1/13, ඉනෝකා රණවීර 1/ 27)

ශ්‍රී ලංකාව 113/9 ( යශෝදා මෙන්ඩිස් 25, නිපුනි හංසිකා 24,නිඩා ඩාර් 5/21, බිෂ්මා මාරූෆ් 1/14, නසාර් සාන්දු 1/19)

මාතෘකා