කාන්තා වොලිබෝල් පිල උස්බෙකිස්තාන් තරග බිමේ

කාන්තා වොලිබෝල් පිල උස්බෙකිස්තාන් තරග බිමේ

ආසියානු ක්ලබ් වොලිබෝල් තරගාවලියට චතුරි ගයනි රණසිංහගේ නායකත්වයෙන් සහභාගීවන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද උස්බෙකිස්ථාන තරග බිමට පිවිසෙයි. පසුගිය 7 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ. තරගාවලිය උස්ටා කමෙනෝගොර්ස්ක් නගරයේදී පැවැත්වේ.

රටවල් 10ක් සහභාගීවන මෙම තරගාවලිය ලබන 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සී කාණ්ඩය යටතේ තරග වදී. එම කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සමග තරග වැදීමට නියමිතව ඇත්තේ පිලිපීනය, ඉන්දුනීසියාව සහ වියට්නාම කණ්ඩායම්ය.

අද සිට තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කණ්ඩායම

චතුරි ගයනි රණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), අෂානි චමෝදිකා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), අප්සරා සෙව්මාලි (ශ්‍රි ලංකා යද හමුදාව), තිළිණි වාසනා (ශ්‍රී ලංකා යුද හමුදාව), දීපිකා බණ්ඩාර (මාස් කැෂුවල් ලයින්), අනූෂා සඳමාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), දිලූෂා සන්ජීවනී (ශ්‍රී ලංකා නාවික හමුදාව), අනුත්තරා සඳමාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), කවීෂා ලක්ෂානි (ශ්‍රී ලංකා නාවික හමුදාව), චාන්දනී අරුණ වසන්ති (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), නදුනි හිමංසලා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), සංජීවනී කරුණාරත්න (ශ්‍රී ලංකා යුද හමුදාව), සචිනි චාරුකා (ශ්‍රී ලංකා යුද හමුදාව), අමානි කෞෂල්‍යා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුමිත් ජයලාල් කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස සුසිරි මංගල කටයුතු කරයි. මෙම තරගාවලියේ කළමනාකරු ලෙස තුෂාර සම්පත් පෙරේරා කටයුතු කරනු ලබයි. කණ්ඩායම් විනිසුරු ලෙස ටී. සී. හේවාත් කණ්ඩායම භාර කාන්තා නිලධාරිණිය ලෙස ක්‍රිෂාන්ති ජයවර්ධනත් සංචාරයට එක්වී සිටිති.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා