ආසියානු ක්‍රීඩා උළෙලට 185ක්

ආසියානු ක්‍රීඩා උළෙලට 185ක්

දහ අටවැනි වරට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි කිරීමට ජාතික තේරීම් කමිටුවේ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යවා ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා නිවේදනය කළේය. එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේ සියලු ක්‍රීඩකයන්ට උපරිම අවස්ථාවන් ලබාදීම තමන්ගේ පරමාර්ථය බවය.

අනුමැතිය සඳහා යොමුකර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 138 දෙනෙකු නම්කර ඇති අතර ක්‍රීඩිකාවන් 47 දෙනෙකුද ඊට අයත්ය. කබඩි කාන්තා කණ්ඩායමක් මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව එක්කර ඇත්තේ ප්‍රථම වතාවටය. නිලධාරීන් 60 දෙනෙකු සමගින් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජනය 250 දෙනෙකු පමණ වෙතැයි ගණන් බලා ඇත.

 

මාතෘකා