විදුලි සෝපාන අනතුරෙන් රග්බි ක්‍රීඩක  කෝකිල සම්මන්දපෙරුම ජීවන ගමනට සමුදෙයි

 ඡායාරූපය:

විදුලි සෝපාන අනතුරෙන් රග්බි ක්‍රීඩක  කෝකිල සම්මන්දපෙරුම ජීවන ගමනට සමුදෙයි

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙල ක්‍රීඩක‍යෙකු වන කෝකිල සම්මන්දපෙරුම සිකුරාදා (28) සිදුවූ හදිසි අනතුරුකින් අභාවප්‍රාප්ත විය. කොළඹ නවම් මාවතේ රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ කෝකිල මෙසේ මියගොස් තිබේ.

මිය යනවිට 24 හැවිරිදි වියේ පසුවූ කෝකිල සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන අතර කලක් සී.ආර්. කණ්ඩායමේ නායකත්වය දැරූ ෂේන් සම්මන්දපෙරුමගේ බාල සොහොයුරාය. පසුගිය සතියේ (21 වැනිදා) අවසන් වූ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයටද යුද හමුදා පිලට එරෙහිව කෝකිල තරග වැදුණි. a

ජනවාරි 04 වැනිදා ලීග් තරගාවලියේ දෙවැනි වටය ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඉදිරි දින කිහිපයේදී අනෙක් කණ්ඩායම් මෙන්ම සී.ආර්. කණ්ඩායමද නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව සිටියේය.

මාතෘකා

ජනප්‍රිය ලිපි