ඉන්දියා - ඔස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගය අද සිට

 ඡායාරූපය:

ඉන්දියා - ඔස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගය අද සිට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද ඇඩිලේඩ් ඕවල් පිටියේදී ආරම්භ වෙයි. මේ අතර ඉන්දීය කණ්ඩායමේ අංක හය ස්ථානයට ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා හනුමා විහාරි සහ රෝහිත් ෂර්මා අතර තරගයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. විහාරි එංගලන්තය සමඟ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් එහිදී අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්වූ අතර මේ වනවිට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී ඉදිරියෙන් සිටී. ඔහු පුහුණු තරගයේදී ලකුණු 60 ක් රැස්කර ඇති අතර රෝහිත් ෂර්මාට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 40 ක් පමණි.

අද පැවැත්වෙන තරගයට නම්කර ඇති 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේයි. මුරලි විජේ, කේ.එල්. රාහුල්, චෙතේෂ්වර් පුජාරා, විරාත් කෝලි (නායක), අජන්ක්‍යා රහානේ, රෝහිත් ෂර්මා, හනුමා විහාරි, රිෂාබ් පෑන්ට්, රවිචන්ද්‍ර අෂ්වින්, ජස්ප්‍රිට් බුම්රා, ඉෂාන්ට් ෂර්මා, මොහොමඩ් සැමී.

මාතෘකා

ජනප්‍රිය ලිපි