එස්.එල්.ටී. සිල්ක් සම්මාන උළෙල

 ඡායාරූපය:

එස්.එල්.ටී. සිල්ක් සම්මාන උළෙල

ශ්‍රී ලංකා ක්‍රීඩා ගුරු තරුව යෝගානන්ද විජේසුන්දරට සම්මානයක්

ක්‍රීඩා මෙහෙවර වෙනුවෙන් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී එස්.ආර්. පතිරවිතානත් ඇගයෙයි

ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහ බොහෝ විශිෂ්ට ක්‍රීඩකයන්ගේ මුල් ගුරුවරයා ලෙස සැලකෙන ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ සහ විශිෂ්ට මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතාට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සම්මානයක් පසුගියදා පිරිනැමිණි. ඒ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය විසින් සිව්වැනි වරටත් සංවිධානය කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වූ සිල්ක් සම්මාන උළෙලේදී ය.

මෙම සම්මාන උළෙලේදී ක්‍රීඩා මාධ්‍ය කලාව වෙනුවෙන් අඛණ්ඩව සුවිශේෂී සේවාවක් සිදුකරනු ලබන එස්.ආර්. පතිරවිතාන මහතාද ඇගයීමට ලක්විණි. මෙරට ඉංගිරිසි පුවත් කලාවේ සුවිශ්ටයකු ලෙස සැලකුණු එස්. පතිරවිතාන මහතාගේ පුත්‍රයාද වන එස්.ආර්. පතිරවිතාන මහතා මෙරට ප්‍රමුඛ පෙළ පුවත්පත් සමාගමක් වන ටයිම්ස් ආයතනයේ සේවය කරයි.

පසුගිය 30 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක සුරංග ලක්මාල්ට පිරිනැමුණු අතර වසරේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා පෞරුෂය ලෙස ලසිත් මාලිංග සම්මානිත විය. සිල්ක් සම්මාන උළෙලේ මෙවර ජයග්‍රාහයන් මෙසේයි. රවීන් දල්පදාදු, හසිනි අම්බලන්ගොඩගේ, දිලාන් බෝගොඩ, ශෙලින්ඩා ජෙන්සන්, සෙනිරු අමරසිංහ, කසුන් ගුණවර්ධන, මෙවන්යා පීරිස්, රශ්මි ටානියා, චතුරංග ලක්මාල්, දිනුෂා ගෝමස්, තිවංක රණසිංහ, ඉෂාන් බණ්ඩාර, තමීර මංජු, ඇල්ස්ටන් මහාදේවන්, 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම - 2018 ආසියානු කුසලාන 19න් පහළ අනු ශූරයෝ, ජාතික කාන්තා කැරම් කණ්ඩායම, චමරී අතපත්තු, දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම - ආසියානු රග්බි

වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයන් -චමිල් කුරේ (කැරම්), මැතිව් අබේසිංහ(පිහිනුම්), අනුෂා කොඩිතුවක්කු (බොක්සිං), රන්සිළු ජයතිලක (සවි එසවීම), ධනුෂ්ක විජේකෝන් (රගර්), නාගලිංගම් එදිරිවීරසිංහම් (විශිෂ්ටතම සමාජයීය සහ උදාර ක්‍රීඩා පෞරුෂය), රසල් ආර්නල්ඩ් (අන්තර්ජාතික විචාරකයා), පාරමී වසන්ති (නැගී එන ක්‍රීඩිකාව), අමිල ප්‍රශාන් (පැරා), සුරංග ලක්මාල් (විශිෂ්ට ක්‍රීඩකයා), ජාතික පිරිමි කැරම් කණ්ඩායම (පිරිමි කණ්ඩායම), ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම (කාන්තා කණ්ඩායම), 400×4 යොවුන් (පිරිමි - ආන්දෝලනාත්මක මලල ක්‍රීඩා කණ්ඩායම), හසිත බෝයගොඩ (පාසල් ක්‍රීඩක), තිලකා ජීනදාස (පුහුණුකරු), රියර් අද්මිරාල් ශෙමාල් ෆර්නෑන්ඩු (ක්‍රීඩා අධ්‍යයන අංශය), යෝගානන්ද විජේසුන්දර (ජීවිතකාලය තුළ එක් වරක් පමණක් පිදෙන සිල්ක් සම්මානය), කුමාර් සංගක්කාර (ඩන්කන් වයිට් සම්මානය), එස්. ආර්. පතිරවිතාන (ක්‍රීඩා මාධ්‍ය දායකත්වය), ඉන්දික දිසානායක (ක්‍රීඩා පෞරුෂය), ලසිත් මාලිංග

( ජනප්‍රියම ක්‍රීඩා පෞරුෂය)

මාතෘකා