කොළඹ සහ දඹුල්ල අවසන් තරගයට

කොළඹ සහ දඹුල්ල අවසන් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් සමත් වූහ. තරගාවලියේ එකොළොස්වැනි තරගය ලෙස පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තරගයෙන් මහනුවර කණ්ඩායම කඩුලු 5ක ජයක් ලැබීමත් සමගම ගාල්ල කණ්ඩායම අවසන් තරගය පිළිබඳ වූ සියලු බලාපොරොත්තු අත්හැර ගත්තේය. ගාල්ල කණ්ඩායම ලබාගත් ලකුණු 196 ඉලක්කය හඹා ගිය මහනුවර කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 5ක් දැවී තම ඉලක්කය සපුරා ගත්හ. මහනුවර පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරතවූ දසුන් ශානක පන්දු 52කදී ලකුණු නොදැවී ලකුණු 105ක් රැස් කළේ හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමගිනි.ගාල්ල සහ මහනුවර කණ්ඩායම් වලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ලකුණු සාරාංශය

ගාල්ල (පන්දුවාර 20කදී කඩුලු 5ක් දැවී) 196

(අසේල ගුණරත්න 47, ඇන්ජලෝ පෙරේරා 46, කුසල් මෙන්ඩිස් 43, ලහිරු මිලන්ත 24, චරිත් අසලංක 4/14)

මහනුවර (පන්දුවාර 19.2කදී කඩුලු 5ක් දැවී) 199

මාතෘකා