SLT ස්පීඩප් පාපැදි සවාරිය

 ඡායාරූපය:

SLT ස්පීඩප් පාපැදි සවාරිය

කෙටි ගමන් වෙනුවෙන් පාපැදිය ප්‍රවර්ධනය කිරීම අපගේ අරමුණයි

ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා

එස්.එල්.ටී. සමාගම සංවිධානය කරනු ලබන ස්පීඩ් අප් පාපැදි සවාරිය, මගින් රට තුළ පාපැදි භාවිතයට බලපෑමක් එල්ල කිරීම අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා පවසයි. ලබන සතියේ ආරම්භ වීමට නියමිත එස්.එල්.ටී. පාපැදි ශූරතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රට තුළ පාපැදි වැඩි වශයෙන් භාවිත කිරීමට මෙම තරගාවලිය පිටුබලය සපයනු ලබන බවය.

‘ පාපැදිය භාවිතය මෙරට ජනතාව අතර ජනප්‍රිය කිරීමටත් මෙවැනි ඉසව්වලින් උත්තේජනයක් සපයනවා. පාපැදිය යනු පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක්. එසේම එය භාවිතය ශරීරයට ව්‍යායාමයක්. මේ ආදි කරුණු කාරණා රාශියක් නිසා අද ලෝකයේ බොහෝ දියුණු රටවල් කෙටි ගමන් සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කරනවා. එස්.එල්.ටී. ස්පීඩ් අප් සවාරිය මගින් ශ්‍රී ලංකාවත් මෙවැනි සංස්කෘතියක් වෙත රැගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. එය අද කාලයට මනා සේ ගැලපෙන සමාජ සත්කාරයක් ලෙසින් මා දකිනවා. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩාවට පෝෂණය සපයන සමාජ වගකීමක් සහිත සමාගමක් ලෙසින් එස්.එල්.ටී. සමාගම ශරීර සෞඛ්‍යයට හිතකර, පරිසර හිතකාමී ක්‍රියාකාරකමක් ලෙසින් පාපැදි ක්‍රීඩාව ප්‍රවර්ධනයට කැප වෙනවා.

ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙසින් සිටිමින් පවා අප නොනැවතීම අපගේ සේවාවන් නව්‍යකරණයට ලක්කරමින් අලුත්ම අත්දැකීමක් අපගේ පාරිභෝගිකයන්ට ලබාදෙනවා. ඒ වගේම සියලුම තරාතිරමේ අය ආදරය කරන ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ අංක එකේ පාපැදි සවාරිය, මෙලෙස නව්‍යකරණයට ලක්ව තිබෙනවා.

මෙවැනි පාපැදි සවාරියක් සංවිධානය ලෙහෙසි කටයුත්ත නෙමෙයි. ඒ වෙනුවෙන් කැපවෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඇතුළු දායකත්වයකත්වය සපයන සියලු පාර්ශ්වයන්ට ස්තුති කිරීමට මෙන්ම, ඉතාම කැපවීමෙන් එස්.එල්.ටී. ස්පීඩ් අප් තරගාවලියේ තරගවැදීමට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා’ යැයි පවසා තිබේ.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

 

මාතෘකා