දිමුත්-ඇන්ජලෝ-දිල්රුවන් හා කේශව් මුල්තැන් ලබති

 ඡායාරූපය:

දිමුත්-ඇන්ජලෝ-දිල්රුවන් හා කේශව් මුල්තැන් ලබති

අයි.සී.සී. පිතිකරුවන් අතරත් දිමුත් හත්වැනියා වෙයි

මාස එකහමාරකට අධික කාල සීමාවක් පුරා දියත් වුණු ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට දිමුත් කරුණාරත්න සමත්වූ අතර එක්දින පිතිකරුවන් අතර ඇන්ජලෝ මැතිව්ස් විසින් එය හිමිකරගනු ලැබිණි. ටෙස්ට් පන්දුයවන්නන් අතර වැඩිම කඩුලු ලාභියාවීමේ ගෞරවය දිල්රුවන් පෙරේරා හා කේශව් මහරාජ් විසින් සමව භුක්ති විඳිද්දී හොඳම එක්දින පන්දුයවන්නා වශයෙන් තරගාවලියේ පෙරමුණ ගත්තේ අකිල ධනංජය විසිනි.

සමස්ත ටෙස්ට් තරගාවලියේදීම ශතක දෙකක් පමණක් වාර්තා වූ අතර දිමුත් කරුණාරත්න හා තෙනුස් ඩි බ්‍රයන් විසින් එය වාර්තා කරනු ලැබූහ. ටෙස්ට් තරගාවලියේ ඉනිමක කඩුලු පහ බැගින් දවාගත් අවස්ථා හතරක් වාර්තා විණි. දිල්රුවන් පෙරේරා, කේශව් මහරාජ්, රංගන හේරත්, අකිල ධනංජය විසින් ඒ සඳහා හිමිකම් කියනු ලැබිණි. ඉනිමක කඩුලු හතරට වඩා දවා ගත් අවස්ථා හතරකට හිමිකම් කීවේ දිල්රුවන් පෙරේරාය.

මේ අතර අයි.සී.සී. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි හත්වැනි තැන දක්වා ඉහළ නැගීමට දිමුත් කරුණාරත්න සමත්ව තිබේ. එහි අටවැනි ස්ථානයට පත්ව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ය. ටෙස්ට් පන්දුයවන්නන් අතර අටවැනියා ලෙස ශ්‍රේණිගතව සිටිනුයේ ප්‍රවීණ දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත්ය.

පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ මුල් ස්ථාන පහ දිනාගත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සාරාංශ ගත කිරීමකි.

 

මාතෘකා