විස්සයි20 තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

 ඡායාරූපය:

විස්සයි20 තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

ග්ලේන් මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිම නිසා සත්කාරක ඉන්දියාව සමග පැවැති දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 7කින් ජයගත් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලිය

2 - 0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

බැංග්ලෝර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා පන්දුවාර 20දී ලකුණු 191ක ඉලක්කයක්කරා යමින් සිටින අතරතුර පළමු කඩුලු 2 ලකුණු 22කට බිඳ වැටී තිබියදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 55කින් නොදැවී ලකුණු 113ක් රැස් කළේ හයේ පහර 9ක් සහ හතරේ පහර 7ක් සිය ඉනිමට අන්තර්ගත කරමිනි.

ලකුණු සාරාංශය

ඉන්දියාව (පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී)190

(විරාට් කෝලි නොදැවී 72, ලෝකේෂ් රාහුල් 47, මහේන්ද්‍ර සිං දෝනි 40, ජේසන් බෙරෙන්ඩෝෆ් 1/17, ඩිආසි ෂෝර්ට් 1/29)

ඔස්ට්‍රේලියාව (පන්දුවාර 19.4කදී කඩුලු 3ක් දැවී) 194

(ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 113, ඩිආසි ෂෝර්ට් 40, පීටර් හෑන්ඩ්ස්කොම්බ් නොදැවී 20, විජේ ශංකර් 2/38)

මාතෘකා