හැරවුම් ලක්ෂයක්

හැරවුම් ලක්ෂයක්

සම්මුති ආණ්ඩුවේ ඉදරිගමන සහ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇතිවෙමින් තිබූ සැක සංකා මැකී යමින් නව බලාරොත්තු ඇතිවෙමින් පවතී.ඊයේ රටට පෙනුණේ ඒ පිළිබඳ හැරවුම් ලක්ෂයකි. ජනතා පරමාධිපත්‍යට වගකියන උත්තරීතර පාලිමේන්තුවට එය සුවිශේෂ දිනයකි.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 67කින් සම්මත විය. දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩ් විධිවිධාන සංග්‍රහය පිළබඳ පනත් කෙටුම්පත් විවාදයට ගැනිණ. ජාතික විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දී

ඇතැයි කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.මේ කෙටුම්පත් සංශෝධනයට ලක්ව සම්මත වීමෙන් පසුව එම පනත් නීතිය බවට බලාත්මක වෙයි. අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්මත වූයේ එයාකාරයෙනි. මුලදී එයට විරෝධය පළකළ ඇතැම් පාර්ශ්ව කෙටුම්පත් සංශෝධනයෙන් පසුව එකඟ වීමද විශේෂත්වයකි.

අධිකරණ සංවිධාන පනතට අනුව පිහිටුවනු ලබන ත්‍රිපුද්ගල මහාධිකරණය සොරකම, දෙපල වංක ලෙස පරිහරණය, සොරකම් කළ දේපල සඟවා තැබීමට සහාය වීම, කූඨ ලේඛන සෑදීම, මුදල් විශුද්ධිකරණය, අධ්කරණ හා පාලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අල්ලස් ගනුදෙනු,පොදු දේපල වංචනික පරිහරණය යනාදී චෝදනා විභාග කරනු ඇත.

විවාදයට ගෙන තිබෙන කෙටුම්පත් අතරින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයද විශේෂිතය.

දණ්ඩ නීති සංග්‍රහය නූතන අවශ්‍යතා සමග නොගැලපෙන යල් පැන ගිය එකක් බවට බොහෝ කලක් තිස්සේ විවාදයට පාත්‍ර විය. මෙය ෙවනස් කිරිෙම් ෙයා්ජනාව පාලිමේතුවට ඉදිරිපත් කිරීමට එරෙහිව ප්‍රතිගාමී ආගමික පාර්ශ්වද කරුණු කීහ. එම නීති හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයද අලුතින් නීති සම්පාදනය කර බොහෝ කල්ය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය [iccrp] 2වැනි හා 26 වැනි ඡේද සමග පූර්ණ අනුකුලත්වය සහකික කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 363 හා 365[අ] වගන්ති ඉවත් කිරීම හා සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අවධානයටද ලක් කෙරිණ.

රජයේ නෛතික වගකීම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මත පදනම් වූ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අනුකුල විය යුතුය.

එහෙයින් රට ඉදිරියට ගෙනයෑමට බාධාවක්ව පවතින ඇතැම් නීති කාලීන අවශ්‍යතා මත වෙනස් කිරීම යුක්ති යුක්තය.

සම්මුති ආණ්ඩුව දුන් ඇතැම් පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය ආණ්ඩුවට සහයෝගය දැක්වූ සිවිල් ව්‍යාපාරවල කනස්සල්ලටද හේතු වී තිබිණ. එනිසා ඔවුන්ගේ විවේචනාත්මක සහයද අහිමි වෙමින් පැවතිණ.එහෙත් 9 වැනිදා පාර්ලිමේන්තුවෙහි සිදුවූයේ ඉහිරී යමින් තිබූ ශක්තීන් පණ පෙවීමට බලපෑ ක්‍රියාවලියකි.දැන් ආණ්ඩුවට මෙන්ම සිවිල් ව්‍යාපාරයටද අලුත් හුස්මක් ගත හැකිය. එහෙයින් මෙය අනාගතය පිළිබඳ හැරවුම් ලක්ෂයකි.

මාතෘකා