අලි පුරාවෘත්තයක් වන හැටි...

අලි පුරාවෘත්තයක් වන හැටි...

ලොව මුල්ම අභය භූමිය බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලංකාවටය. මෙරට අභය භූමි සංකල්පයේ ඉතිහාසය දෙවනපෑතිස්‌ රජු සමයටම දිවෙයි. මහමෙවුනා උයන අභය භූමියක් වන්නේ ඔහුගේ සංකල්පයකට අනුවය. මිනිස් ජීවිත සේම සත්ත්ව ජීවිතවලටද වටිනාකමක් තිබෙන බව හෙතෙම ලෝකයට කියා දුන්නේ එසේය.

පසුකාලීනව අභයභූමි රැසක් බිහි වූ අතර එය ලෝකයටම ව්‍යාප්ත විය. මෙවන් අභයභූමි තුළින් ජීවිත දානය ලද්දේ තිරිසන් සතුන්ය. ඒ අතර අලි ඇතුන් විශේෂ විය.

සතුන්ට ජීවිත දානය හිමි අභය භූමියේදීම මෙරට ඉතිරිව සිටින සීමිත සද්දන්තයන්ගෙන් එකකු ඉකුත්දා මරා දමා තිබිණි. ඒ උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ මුගලන් හස්තියාය. මුගලන් උඩවලව ජාතික උද්‍යානයේ ජීවත් වූ ලාබාල එහෙත් සුවිශේෂ දළ යුගලකින් හෙබි හස්තියෙකි.

එල්ලය බලා කුම්බස්තලය පසාරුවන්නට තැබූ වෙඩිල්ල හස්තියාගේ ජීවිතය හමාරකොට තිබේ. ගල්ගමුවේ දළපූට්ටුවාට වෙඩි තබා මරා දමා, කියත්වලින් දළ කපා ගෙන සිරුර කහල්ල - පල්ලේකැලේ රක්ෂිතයේ දමා ගොස් හරියටම වසරකට පසුව මේ අපරාධය සිදුකොට තිබේ.

ආසියානු අලියා ජාත්‍යන්තර රතු දත්ත පොතේ අන්තරායට ලක්‌ වූ (Endangered) කාණ්‌ඩයට ඇතුළත් සත්ත්වයෙකි.

ගහකොළ හා සතා සිවුපාවා වෙනුවෙන් සෙත සෑදූ එවැනි ගෞරවාන්විත අතීතයක්‌ අප රටට හිමිව තිබුණද පසුව අප රට කරවන පාලකයන් වනජීවී සංරක්‌ෂණය සම්බන්ධයෙන් නිද්‍රාශීලී බවක් දැක්වූහ. අම්මාවරුන් මරා වනාන්තරවල ජීවත්වූ අලි පැටවුන් නීතිවිරෝධී ආකාරයෙන් පැහැරගෙන විත් මුදලට විකිණීමේ ජාවාරම් පවා මෙරට සිදුවිය.

අලි මිනිස් ගැටුමක් පිළිබඳව ඊනියා මිථ්‍යාවක් සමාජය තුළ පවතී. සත්‍ය වශයෙන්ම සිදුව තිබෙන්නේ සීමිත අලින්ගේ වාසභූමි මිනිසා විසින් ආක්‍රමණය කරනු ලැබීමේ ආදීනව මිනිසාට භුක්ති විඳින්නට සිදුවීමය. සාමාන්‍යයෙන් අලියෙක්‌ දිනකට කිලෝග්රෑම් 150ක පමණ ආහාර ප්‍රමාණයක්‌ ලබා ගනියි. ඔවුන් වැඩිපුරම ආහාරයට ගන්නේ තෘණ විශේෂයන්ය. දිනකට පැය

17 - 19 අතර කාලයක්‌ ඔවුහු ආහාර පිණිස වැය කරති.

එවැනි තත්ත්වයක් තුළ ආහාර හිඟය අලින්ට ඔරොත්තු නොදෙන පීඩනයකි. අලි ගම් වදින්නේ එවිටය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වන අලින්ගේ ජනගහනය 2011 දී 5879ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

එවන් තත්ත්වයක් තුළ ගිනි බිඳ අලි මරා දමන තරමට මිනිසුන් තිරස්චීන වන්නේ කෙසේද?

මෙවැනි විපත් සිදුවූ විට චෝදනාව පාර්ශ්ව කිහිපයකට එල්ල වේ. ඒ අතර මුලින්ම ඉලක්ක වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවය. මිස්සකට වෙඩි වැදී සිටියදී බෙහෙත් නොමැති බව කියමින් මිස්සකගේ ජීවිතය ගැන මායිම් නොකළේ වනජීවී නිලධාරීන් බව සමහරුන්ගේ මතයයි.

ඒ චෝදනාව සත්‍යනම් ඔවුන් ඉන්දියාවේ "මච්ලි ව්‍යාඝ්‍රයා" අතුරුදන් බවට වූ තොරතුර ලැබුණු විට එරට වනජීවී නිලධාරීන්ගේ කැපවීම දෙස බැලීම වටී. එරට වනජීවී දෙපාර්තමේන්තුවේ 300ක් නිලධාරීන් සහ සෙසු නිලයන් සම්බන්ධ කරගෙන මච්ලි ව්‍යාඝ්‍රයා සොයා ගැනීමට ඔවුහු කැපවූහ.

'මිස්සකට' ගිනි බින්දේ කවුරුන්දැයි දන්නේ නැත. කවුරු වුණත් ඔහුට සොබාදහමෙන් බේරෙන්නට නොහැකි බව පසක්කොටගත යුතුය.

වල් අලි දඩයමේ ගොස් වල් අලියකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රීසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ තිබේ. ඔහුගේ වළටත් හෙන ගසන බව පැවසේ. ඒ බව පමණක් සටහන්කර තබමු.

මාතෘකා