ජනමූල නායකයා සහ රතුපස්වල

ජනමූල නායකයා සහ රතුපස්වල

මීට වසර පහකට පෙර ඊයේ වැනි දිනෙක රතුපස්වල ජනයා පාරට බැස්සේ බොන්නට වතුර පොදක් ඉල්ලාය. මහපොළොවෙන් තමන්ට ලැබෙන පිරිසුදු ජලය ප්‍රදේශයේ කම්හලකින් පිට කරන අපජලය මගින් දුෂණය වන බවත්, එනිසාම අදාළ කම්හල වසා දමන ලෙසත් බල කරමින් ගම්පහ රතුපස්වල අවට ගම් දොළහක, පවුල් පන්දහසක් පමණ පාරට බැස්සාහ. ඒ වන විටත් රට පාලනය කරමින් සිටියේ 'ජන මූල' නායකයාය. හමුදාව භාරව සිටියේ ඔහුගේ සොයුරාය. දින පහක් පුරා 'වතුර ඉල්ලා' උද්ඝෝෂණය කළ ජනයාට 'සංග්‍රහ' කිරීම ජනමූල නායකයා සිය සොයුරාට භාර දුන්නේය. බ්‍රිිගේඩියර් දේශප්‍රිය ප්‍රමුඛ බැටෑලියන් එකක් රතුපස්වලට එන්නේ ඒ අනුවය.

උද්ඝෝෂණයට රාජපක්ෂ ආණ්ඩුව හමුදාව යොදා එල්ල කළ ප්‍රහාරයෙන් 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයන් දෙදෙනාද නිලන්ත පුෂ්පකුමාර නම් 29 හැවිරිදි කම්කරුවාද ඝාතනයට ලක් වූහ. තවත් 40කට පමණ තුවාල සිදු විය. ආරක්ෂාව පතා අසල දේවස්ථානයට දිව ගිය නිරායුද මහ ජනයා ලූහුබඳිමින් හමුදාව වෙඩි තබමින් පහර දුනි. ප්‍රචණ්ඩ බලයක් පරාජය කිරීම සඳහා ප්‍රතිප්‍රචණ්ඩ බලයක් යොදාගත් විට සමාජය ප්‍රචණ්ඩ බලයේ විෂම චක‍්‍රයකට හසුවී විනාශ වෙයි. එම ප්‍රචණ්ඩ ආධිපත්‍යය පරාජය කිරීම සඳහා එම ප්‍රචණ්ඩ බලය ඉක්මවා යන ප්‍රචණ්ඩ බලයක් ඒකරාශි කොට මුදාහැරීමට සිදුවන්නේය. ඉන් ලබන ජයග්‍රහණයකදී ජය ග්‍රාහකයා තමන් ඒකරාශි කළ ප්‍රචණ්ඩ බලය ජයග්‍රහණයෙන් පසු විසුරුවා හරින්නේ නැත. ඒ සඳහා කෙරෙන අරගලවලදී ජය පරාජය කවුරුන් විසින් හිමිකර ගත්තද සමාජය ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයකට හසුවන්නේය.

හමුදාකරණය පිළිබඳ ගෝලීය දර්ශකයන්ට (GMI) අනුව දකුණු ආසියාවේ වැඩිම හමුදාකරණයකට ලක්වී තිබෙන රට බවට පත්ව තිබුණේ ලංකාවය. මහින්ද සමයේ අවසන් කාර්තුව වන විටත් ආරක්ෂක විෂයට වෙන් කෙරෙන වියදම ජාතික ආදායමෙන් සියයට තුනක් වූ අතර ජාතික ආදායමෙන් අධ්‍යාපනයට වැය කළේ සියයට 2කටත් වඩා අඩු මුදලකි. ඒ අනුව ලංකාවේ ජනගහනයෙන් හැම 86 දෙනෙකුටම එක් සෙබළෙක් සිටී. රතුපස්වල ගැටුමේදී හමුදා නිලධාරීන් තිදෙනා පාවිච්චි කළ ටී 56 තුවක්කුවලින් වෙඩි තැබීමේදී පාවිච්චි කළ උණ්ඩ නිකුත් වී ඇති බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත. බ්‍රිගේඩියර් ගුණවර්ධන උසාවියේදී පවසා ඇත්තේ වෙඩි තැබීමට නියෝග කළේ ඔහු නොවන බවයි. පළමු වන සාක්කිකරු වන ජූඩ් උසාවියේදී පවසා ඇත්තේ ගුණවර්ධන “ෆයර්” කී විටම තුවක්කු පත්තු වූ බවය.

රාජපක්‍ෂ මහතා විසින් රට තුළ වර්ධනය කර තිබුණේ දේශපාලන දුර්භික්‍ෂයකි. එය අවසන් වූයේ 2015 ජනවාරි 8 වැනිදාය. බලය විසින්ම මිනිසා දූෂණය කරන බව මොනවට පසක් කරමින් රාජපක්ෂ ආණ්ඩුව ස්වකීය අවසන් සමය ගත කළේ අරාජික රටක ස්වභාවය ස්ථාපිත කරමිනි. රවිරාජ් ඝාතනය කෙරුණේද, ශිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණේද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේද, ජනමාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු හා කුරිරු පහරදීම්වලට ලක්කෙරුණේද එකී වියරු සමයේදීය. ඉන් මෙපිට රතුපස්වල ඝාතන, රොශේන් චානක ඝාතනය, හලාවත ධීවරයින් ඝාතන ඇතුළු සිය ගණනකගේ ජීවිත බිලිගත් සාපරාදී ඉතිහාසයක් 'රාජපක්ෂ' සමය සතුව පවතී.

රතුපස්වල සිදුවීමෙහි මූලිකව සිටි හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන එතෙර රටක තානාපතිවරයෙකු බවට පත් කළේත් මහින්දලාය. “වැලිවේරිය සහ බැලුම්මහර උද්ඝෝෂණ විසුරුවා හැරීමට සහභාගි වූ හමුදා අණදෙන නිලධාරීන් හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතුය. හමුදා අණකින් තොරවම වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව සහ සාමාන්‍ය අපරාධ නීතිය අනුව කටයුතු කළ යුතුය.” අදාළ පහර දීම ගැන මානව හිමිකම් කොමිසම විසින් සකස් කර තිබූ වාර්තාව එසේ නිර්දේශ නිකුත් කොට තිබේ.

එහෙත්..........

මාතෘකා